Ads 468x60px

.

මැදියම් රැයේ සිහිනෙන් ඇවිදගෙන අනියම් සැමියාගේ නිවසට යන නැට්ටුක්කාරිය.


ලොකු පුතා 
පොඩි දවස් 
වලත් මෙයා 
හීනෙන් ඇවිද්දා.

මැදියම් රැයේ සිහිනෙන් ඇවිදගෙන අනියම් සැමියාගේ නිවසට ගොස් අනියම් ලිංගික ඇසුරක් පැවැත්වූ දෙදරු මවක් පිලිබඳ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් අපවෙත වාර්තා වනවා.

තිස්පස් හැවිරිදි ඇය දෙදරු මවක වූවත් “නැට්ටුක්කාරියෙකි.” හතළිස් හැවිරිදි වියේ පසුවන සැමියා දහඩිය මහන්සියෙන් දරු පවුල රක්ෂා කරන ගොවියෙකි. මේ අය ජීවත්වන නිවසට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි නිවසක තනිව වෙසෙන්නේ පස් දරු පියෙකි.

ඔහුගේ බිරිය පිටරට රැකියාවකට ගොසිනි. මේ පස් දරු පියා සමග “නැට්ටුක්කාර” කාන්තාව ‘ඇයි හොඳයියක්’ පවත්වන බව ගම පුරා

ප්‍රචලිත වී තිබුණි. එහෙත් එම කතාව ඇය තරයේ ප්‍රතික්ෂේප කළා පමණක් නොව මේ මාතෘකාව නිසා සැමියා හා ඔහුගේ සමීප නෑදෑයන් සමගද ඇය නොහොඳ නෝක්කඩු වූ වාර බොහෝය.

පසුගිය මැදියම් රැයේ ඇය නිවසින් පිටවූයේ සැමියා හා දරු දෙදෙනා සුව නින්දේ පසුවෙද්දීය. එහෙත් ඇය ගැන විපරමෙන් සිටි ඥාති තරුණයෙකු ට ඇගේ හොර ගමන ඇස ගැසිනි.

ඇය ඇගේ අනියම් සැමියාගේ නිවසට ඇතුළු වූ පසු මේ තරුණයා ඇගේ සැමියාට මේ බව දන්වා නෑදෑයන් කිහිප දෙනෙකුද සමග නිවසට කඩා පැන ඇයට පහර දෙමින් ආපසු ඇදගෙන ආහ. එහෙත් ඇය තරයේ කියා සිටියේ තමා සිහිනෙන් ඇවිදගෙන යන්නට ඇති බවය.

“ලොකු පුතා පොඩි දවස්වලත් මෙයා හීනෙන් ඇවිදගෙන ගෙදරක ගිහින් හිටියා. ඒ හන්දා අපිට ඒ ගම අතහැරලා එන්න වුණා” යැයි සැමියා කෝපයෙන් නෑදෑයන්ට කියා සිටියේය. 


“දැන් පොඩි දුව මොන්ටිසෝරි යන කොටත් මෙයාට අර පරණ ලෙඩේම හැදිලා. ඉතිං මක් කොරන්නද? ඔය ගෑනි මහ එවුන්ට බාර දීපියව්” කී සැමියා ඒ මහ රෑම හේනේ පැළට ගියේය.
 
Related Posts with Thumbnails