Ads 468x60px

.

දඹුල්ලේ එළවළු මිල සියයට 100 කින් නගී


පතෝල කිලෝව 90 යි:

ගෝවා කිලෝව රු.100 ට 

ගිය පළමු අවස්‌ථාව

එළවළු තොග මිල (19 වැනිදා) සියයට සියයකින් ඉහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ලේකම් අයි. ජී. විඡේනන්ද මහතා පැවසුවා. එළවළු තොග ඉල්ලුමට සාපේක්‌ෂව වෙළෙඳපොළට නොලැබීම නිසා දිවයින පුරාම එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යැම වැළැක්‌විය නොහැකි යෑයිද ඒ මහතා කියයි.

බීට්‌ අස්‌වනු ඉතාම අඩුවෙන් ලැබුණු බවත්, කරවිල තොග විකුණුම් මිල කිලෝවක්‌ රු. 160 දක්‌වා ඉහළ ගිය බවත් ඒ මහතා පැවැසීය. දිග රාබු කිලෝව මිල රුපියල් 140 ක්‌, බෝංචි කිලෝවක්‌ රුපියල් 150 ක්‌,

පතෝල කිලෝවක්‌ රුපියල් 90 දක්‌වා ඉහළ ගිය බව ද හෙතෙම පැවැසීය.

මෑකරල් කිලෝව මිල රුපියල් 120, වැටකොලු කිලෝවක මිල රුපියල් 120 ක්‌, ගෝවා කිලෝවක මිල රුපියල් 100 ඉක්‌මවා ගිය බව ද අයි. පී. විඡේනන්ද මහතා පැවැසීය.

ගෝවා මිල වසර දෙකකට පසුව රුපියල් 100 ඉක්‌මවා ගිය ප්‍රථම අවස්‌ථාව මෙය බව ද ඒ මහතා පැවැසීය. පැවැති මහවැසි නිසා වගාවන් විනාශයට පත්වීමත්, මේ දිනවල පවතින දැඩි නියඟයත් එළවළු වගාවන් විනාශවීම සහ ගොවීන් එළවළු වගාවෙන් ඈත්වීමත් එළවළු තොග වෙළෙඳපොළට සැපයීම පහත වැටීමට හේතුව බව ලේකම්වරයා කියයි.

පසුගිය මාසයට සාපේක්‌ෂව පසුගිය දින තුන තුළදී දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්‌ථානයට ලැබුණ එළවළු තොග සියයට 50 ක්‌ පහත වැටී මිල සියයට සියයකින් ඉහළ ගිය බව ද ඒ මහතා කීය.
 
Related Posts with Thumbnails