Ads 468x60px

.

සම්භාහන මධ්‍යස්‌ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය අනුරපුරේ ගණිකා තිප්පොළ


අයිතිකාර කෝටිපති 
ව්‍යාපාරිකයා මිසින්

ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය මුදලට ගණිකාවන් අලෙවි කිරීමේ ස්‌ථානයක්‌ වැටලූ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් එහි කළමනාකාරවරිය සහ ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකකරන තරුණ කාන්තාවෝ සිව්දෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබූවා.

පොලිස්‌ නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදවා ගණිකා සේවයේ යෙදීම සඳහා මුදලට කාන්තාවක ලබා ගනිමින් සිටියදී විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකොට ඇත.

එම සම්භාහන මධ්‍යස්‌ථානය ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇතත්, පොලිසිය එය වටලන අවස්‌ථාවේ කිසිදු

ආයුර්වේද වෛද්‍යවරයකු එහි නොසිටි බව පොලිසිය පවසයි.

එම සම්භාහන මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය හිමිකරු අනුරාධපුර නගරයේ සංයුක්‌ත වීඩියෝ තැටි හල් දෙකක්‌ පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර ඔහු කඩවත, කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

පොලිසිය එම ස්‌ථානය වටලන ලද බවට දැනගැනීමෙන් අනතුරුව එහි හිමිකරු බව කියන කෝටිපති ව්‍යාපාරිකයා අනුරාධපුර ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

එම සම්භාහන මධ්‍යස්‌ථානයට පැමිණෙන පුද්ගලයන්ට වරකට රුපියල් පන්දහස සහ දසදහස බැගින් මුදල් අයකොට කාන්තාවන් සපයා ඇති බවටද පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් තරුණ කාන්තාවන් ගල්ගමුව, පිළියන්දල, කහටගස්‌දිගිලිය, මිහින්තලේ හා ගල්නෑව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 හා 29 වයසේ පසුවන්නියන් බවද අනාවරණය වී ඇත.

එම සම්භාහන මධ්‍යස්‌ථානය වැටලූ අවස්‌ථාවේ එහි තිබී උපත් පාලන කොපු, ව්‍යාජ ලිපි ලේඛන, හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍රයක්‌ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
 
Related Posts with Thumbnails