Ads 468x60px

.

දැන් හයි ස්පීඩ් ගියාට පොලිසියෙන් අල්ලන්නේ නැතිලු...


වේගයෙන් යන 
රියදුරන් 
අල්ලන්න 
එපා
- වයඹ පොලිස්පති

අධික වේගයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් කිසිම විටෙක රියදුරන් නීතියේ රැහැනට හසුකර නොගන්නා ලෙසට වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ සියළුම පොලිස් ස්ථානවලට ලිඛිත නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

අධික වේගයෙන් රිය ධාවනය පරීක්‍ෂාකරනඋපකරණ පොලිස් ස්ථාන යෙන් පිටතට රැගෙන නොයන ලෙසත් යම් නිලධාරියෙක් මෙම නියෝගය පැහැර හැරිය හොත් විනයානුකූල පියවර ගන්නා බවත් ජගත් අබේසිරි ගුණවර්ධන මහතා අවධාරණය කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත්කර ඇතැයි පැවසෙන්නේ ඇතැම් පොලිස් නිලධාරීන් අධික වේගයෙන් රියපැදවීම සම්බන්ධයෙන් රියදුරන් කොටු

කරගෙන දූෂිත ක්‍රියාවල නිරතවන බවට ලැබී ඇති පැමිණිළි සහ තොරතුරු පදනම් කරගෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.


අධික වේගයෙන් රිය ධාවනය සම්බන්ධයෙන් නඩු නොගන්නා ලෙසට ශේෂ්ඨාධිකරණය පොලිසියට නියෝගයක් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. 


පසුව පොලිසිය නීති පති උපදෙස් මත අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් හසුකරගෙන අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමට නඩු පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් පැවැසුවේය.

අධික වේගයෙන් රිය ධාවනය කිරීම වෙනුවට අපරික්‍ෂාකාරීව රියධාවනය කිරීම යැයි අධිකරණය නොමග යවමින් කළ එම ක්‍රියාවද නතර කරන්යි මේ වන විට නීතිපති දැනුම්දී තිබෙන බව ද එම නිලදාරියා පැවැසූවේය.


එසේ තිබියදීත් තවදුරටත් ඒ කටයුත්ත සිදුවන බවත් එය නතර කිරීමට මුලින්ම පියවර ගත්තේ වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා පමණක් බවත් එම නිලධාරියා සඳහන් කළේය. 

ඊට මුල්වන්නට ඇත්තේ අධික වේගයෙන් රිය පැදවීමක් සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරයෙක් වයඹ මාර්ගයකදී පොලිසිය නතර කිරීමක් වන්නට ඇති බව එම නිළධාරියා සැකපහළ කළේය. 

අධිකවේයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් නඩු ගැනීම් නීති විරෝධී බව පොලිසියට පෙන්වා ඇත්තේද එම විනිසුරු බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
Related Posts with Thumbnails