Ads 468x60px

.

වටරැක විජිත හිමියන්ට පහරදීම මාර විදිහට ගුප්තයිලු

ජාතික බලසේනාවේ කැඳවුම්කරු වටරැක විජිත හිමියන්ට පහර දී හිරිහැර කිරීමේ සිද්ධිය පසුපස යම්කිසි ගුප්ත බවක්‌ පෙනෙන්නට තිබෙන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌පතිවරයාගේ නියෝගය පරිදි දැනටමත් පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ම යොදවා ඇතැයි ද පොලිස්‌ ප්‍රකාශකවරයා සඳහන් කලා. මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වටරැක විජිත හිමියන්ගෙන් පොලිසිය ඊයේ කටඋත්තර සටහන් කරගෙන ඇත.


කැපුම් තුවාල සහිතව ප්‍රහාරයට ලක්ව බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල දමා සිටියදී හමු වූ ජාතික බල සේනාවේ පූජ්‍ය වටරැක විජිත හිමියන් පැහැර ගත් පිරිස ඔහුට වධ දී ඇත්තේ සිහිසුන් කිරීමෙන් පසුව බව විජිත හිමියෝ පවසා තිබෙනවා.

තමා මුහුණ දුන් බිහිසුනු සිදුවීම ගැන විස්තර කළ එහිමියන් පවසන පරිදි ඔහු මහියංගනයේ සිට කොළඹ පැමිණ ඇත්තේ පසුගිය 16 වෙනිද පාන්දර ය. කොළඹ සිට ගෙන්වා ගත් කුලී රියක මහියංගනයේ සිට

පැමිණ ඇති එහිමියෝ තම වැඩ කටයුතු නිමවා කල්මුණේ බලා යෑම සඳහා 17 දා රාත්‍රී 12 ට පමණ මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වන කල්මුනේ බස්රියකට නැග තිබේ. 

එහි මුස්ලිම් ජාතිකයන් වැඩි පිරිසක් සිට ඇති අතර ඔවුන් විජිත හිමියන් හඳුනාගෙන ඉතා කුළුපගව කතා බහ කර තිබේ. මේ බව එහි රියැදුරා සහ කොන්දොස්තරවරයා පරීක්ෂාවෙන් බලා සිට ඇති බැවින්ද ඔවුන් දෙදෙනාම සිංහල ජාතිකයන් වූ බැවින්ද මගීන් පවසා ඇත්තේ එම බස් රියෙන් කල්මුණේ යෑමට ගිය හොත් මගදී කරදරයක් විය හැකි බවයි.

පවතින තත්ත්වය තේරුම් ගත් විජිත හිමියන් බස් රියෙන් බැස මාලාබේ ප්‍රදේශයේ සිටින සමීර නම් තමාගේ ඥාතියෙකුගේ නිවස බලා එදින රාත්‍රිය ගත කිරීමට ගොස් තිබේ. පසුදා එනම් 18 දා දහවල් දිනය පුරාම සැතැපී විවේක ගත් විජිත හිමියන් සමීර සමග එක්ව කල්මුණේ බලා යෑම සඳහා කුලියට වෑන් රියක් ගැනීමට කතා කර තිබේ. 

ඉන්පසුව වෑන් රිය තලාහේන ප්‍රදේශයට පැමිණෙන බව දන්වා ඇති අතර සමීරට අයත් ලොරි රථයෙන් තලාහේන බලා ගමන් කර ඇත. එවිට එක් වෑන් රියක් ලොරිය අසලට පැමිණ ඇති අතර එහි මුස්ලිම් ජාතිකයෙකු සේ රැවුල් වවා හිස්වැසුමක් පැළැඳ ගත් අයෙක්ද සිටි නිසා සමීර සහ විජිත හිමියන් වටහාගෙන ඇත්තේ ඒ තමන් කතා කර ගත් වෑන් රිය බවයි.

හිමියන් ලොරියෙන් බැස වෑන් රිය වෙත ගොස් එහි නැග තිබේ. සමීර යළි නිවසට ගොස් ඇත. වෑන් රියට නැගීමෙන් පසුව වටරැක හිමියන් දැක ඇත්තේ සිවුරු හැඳි දෙදෙනෙක්ද එහි සිටින බවයි. ඒ සමගම වෑන් රියේ පිරිස හිමියන් අල්ලා හිමියන්ගේම සිවුරින් හිස සහ මුහුණ වසා යමක් අල්ලා ඇත. 

ඒ සමගම ඔහුට සිහි නැතිව ගොස් තිබේ. ඉන්පසු මතක ඇත්තේ රෝහලේ ඔහු සිටින විට ය. වටරැක හිමියන්ගේ දුරකථන ටැප් කර සිටි පුද්ගලයන් ඔහුව පැහැර ගැනීම සඳහා අවස්ථාව යොදා ගත් බව සැක කෙරේ. දුරකථන ටැප් කිරීමේ පහසුකම් ඇත්තේ ආරක්ෂක අංශ වලට ය.

හිමියන් බොල්ගොඩ ගඟ අසල අත් පා බැඳ නිරුවතින් මුණින් අතට දමා සිට හමුවන විට ඔහුට සිහිය තිබුනේ නැති බව ඔහුව පළමු වරට දුටු රියැදුරා පැවසීය. තමා මළ සිරුරක් යයි සිතා ලං වන විට යාන්තම් කකුලක් සෙලවෙනු දුටු බව රියැදුරා කියා තිබිණ. 


ඒ වන විට ඔහුගේ මුඩු කොට තිබූ හිස තියුණු අවියකින් කපා තිබූුණි. ඒවා එතරම්ම ගැඹුරට කපා තිබුනේ නැත. ඔහුගේ ලිංගේන්ද්‍රියද එලෙසම කපා ඇති නමුත් එයද දරුණු ලෙසටම සිදුකර නැත. උරහිස් දෙකටම සහ කොන්දට පහර දීමෙන් තුවාල සිදුව තිබිණ. පසුව රෝහල් ගත කෙරිණ.

කෙසේ වෙතත් ඊයේ සිට අනුර සේනානායක යටතේ ඇති කොළඹ සීසීඩීය විසින් පරීක්ෂන අරඹා ඇති අතර පරීක්ෂණ සිදුකරනවාට වඩා ඔවුන් සිදුකරන්නේ වටරැක හිමියන් ඇසුරු කරන පුද්ගලයන් සියළු දෙනාම සීසීඩියට කැඳවා ප්‍රශ්න කරමින් අපහසුතාවයට පත් කිරීමයි. සමීර නමැති ඥාතියා ඊයේ දහවල් සිට රාත්‍රී එළිවන තුරු ප්‍රශ්ණ කර තිබේ.

වටරැක හිමියෝ මේ වන විට කොළඹ මහ රෝහලේ 17 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති.

වටරැක විජිත හිමියන් යනු දශක කිහිපයක් පුරා විහිදුනු දේශපාලන අතීතයක් හිමි ස්වාමීන් වහන්සේ නමකි. ඔහු ආරම්භයේ සිටම මුස්ලිම් සිංහල සමගිය වෙනුවෙන් ක්‍රියා කර ඇති අතර මුස්ලිම් කොන්ග්‍රසයේ ආරම්භක නායක අභාවප්‍රාප්ත අෂ්රොෆ් මහතා ජාතික සමගි පෙරමුණ හෙවත් NUA සංවිධානය හදද්දී එහි සභාපති වූයේ ද වටරැක විජිත හිමියන් ය.
 
Related Posts with Thumbnails