Ads 468x60px

.

මංජුලා අදි මදි කරනවනම් මං ඩිල්ෂාන්ගේ පෙම්වතිය වෙන්න කැමතියි - සමිතා කියයි...


මංජුලාට දැන් දරුවෝ 
තුන්දෙනක් ඉන්නවනේ

සමිතා පසුගියදා එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ට ඇයගේ රූප රචනාවක රඟපාන්න ආරාධනා කරලා තිබුණු පුවතක් අපට වාර්තා වුණා.

අපට දැනගන්නට ලැබුණු විදිහට ඩිල්ෂානුයි, මංජුලායි දෙන්නම
සමිතාගෙ හොඳම යාළුවෝ හින්දා ඇය ඒ වැඩසටහනේදී නිකමට වගේ කියපු කතාවක් කියලයි ඇය කියන්නේ. ඒත් ඩිල්ෂාන්ට සමිතා සැබෑවටම ආරාධනා කළ බවයි බොහෝ අය හිතන්නේ..ඒ ගැන අපි කෙලින්ම සමිතාගෙන් ඇහුවා. ඇය ඒ ගැන උත්තර දුන්නේ මේ විදිහටයි.  

නිකමට කතාකළා කිව්වට මම ඇත්තටම කැමතියි ඩිල්ෂාන් මගේ විෂුවල් එකක රඟපානවට.

ඔබේ ඒ ආරාධනය ඩිල්ෂාන් පිළිගත්තද?
දැනට නම් පිළිතුරක් ලැබුණෙ නැහැ.


ඩිල්ෂාන් ඔබේ රූප රචනයට එකතු වෙනවට ඔබ කැමතියිනේ...?
ගොඩක් ආසයි.


ඔබ එදා කළ යෝජනාව ඩිල්ෂාන් සැබෑවටම පිළිගත්තොත්...?


එහෙම නම් මම ගොඩක් සතුටුයි. එහෙම වුණොත් මම ඩිල්ෂාන්ව යොදාගෙන බොහොම ලස්සන විෂුවල් එකක් කරනවා.

එහෙම වුණොත් ඒක රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි...
තිලකරත්න ඩිල්ෂාන් වගේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් විෂුවල් එකකට ආවොත් ඒක රසිකයන්ට සුවිශේෂ අත්දැකීමක් වේවි.


සැබෑවටම ඒ අවස්ථාව උදාකරවන්න කැමති නැද්ද?
බලමු.


එහෙම වුණොත් ඩිල්ෂාන්ව යොදාගන්නේ කුමන ගීතයටද?
මම අලුතින් කරපු ගීත කිහිපයක්ම තියෙනවා. ඒ සිංදු ටික ඔක්කොම ඩිල්ෂාන්ටයි මංජුලාටයි දීලා හොඳ එකක් තෝරාගන්න කියනවා. ඊට පස්සේ ඒ සිංදුව ඩිල්ෂාන්ව දාලා විෂුවල් කරනවා.


ඒ විෂුවල් එකේදි ඩිල්ෂාන්ගෙ පෙම්වතියගෙ චරිතයට තෝරගන්නෙ කාවද...?
මංජුලා තිළිණි.


මංජුලා දැන් රඟපෑමෙන් දුරස්වෙලා නේද?
මංජුලා දැන් දරු තුන්දෙනකුගෙ මවක්. ඒත් මට නම් හිතෙන්නේ මංජුලා ඉස්සරටත් වඩා ලස්සන වෙලා කියලා. මංජුලා දැනට වුණත් රඟපෑමට ඉතාම සුදුසුයි. ඒත් එයා දරුවන්ටම කැපවෙලා හින්දයි රඟපෑමෙන් දුරස්වෙලා ඉන්නේ.


ඒ හින්දා සමිතගෙ රූප රචනයේ ඩිල්ෂාන්ගෙ පෙම්වතියගෙ චරිතය මංජුලා ප්‍රතික්‍ෂේප කළොත්.?
එහෙම වුණොත් ඒ චරිතය මම රඟපානවා.


‘ඉරපායා’ වැනි ටෙලි නාට්‍යවල සමිතා කළ රඟපෑම අපිට තවම මතකයි. මංජුලා වගේම සමිතත් තවම ලස්සනයි. සමිතා ආයෙම රඟපෑමට එනවා නම් ඒකත් හොඳ ප්‍රවෘත්තියක්.
මුල් කාලයේ රඟපෑවට පස්සේ කා‍ලේ මම එයින් දුරස්වෙලා සංගීතයටම යොමුවුණා. රඟපානවට වඩා සංගීතය තුළ ඉන්නයි මගෙ අදහස. මගේ විෂුවල්වලට මම එකතුවෙයි. හැබැයි ඉන් එහා ටෙලි නාට්‍ය, චිත්‍රපට වැනි නිර්මාණවලට නම් රඟපෑමෙන් එකතුවන්නේ නැහැ.


සාමාන්‍ය ජීවිතය ගවෛන්නේ කොයි විදියටද?
දුවට දැන් වයස අවුරුදු 18යි. පුතාට 12යි. ඒ දෙන්නගෙ කටයුතුවලට තමයි කාලය යෙදෙන්නේ. ඒ වගේම මගෙ සංගීත කටයුතුත් කෙරෙනවා.


සමිතගෙ දූ කාවින්ද්‍යා නිවේදිකාවක් ලෙස අප දකිනවා. ඇය ගැනත් තොරතුරු ටිකක් කියන්න.
දුව කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ උසස් පෙළ හදාරනවා. සිරස ටී.වී. තුළින් “16 තභඵ” වැඩසටහන ඉදිරිපත් කරනවා. 


කාවින්ද්‍යා නිවේදිකාවක් වගේම ගායිකාවක්.
ඔව්. ඇය ගායනයටත් සම්බන්ධයි.


අමිල පෙරේරා සමග ගායනා කළ හංගාගෙන සිටියා ගීතයෙන් කාවින්ද්‍යා ලොකු ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනූ ගායිකාවක් වුණා...
ඔව්. දුව ගායනයට දක්ෂතාවයක් වගේම ආශාවක් දක්වනවා. දිගටම ඇය සංගීතය තුළ රැඳී සිටීවි.


කාවින්ද්‍යා නිළියකට සුදුසුයි.
මේ වෙද්දිත් ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඇයට ආරාධනා ලැබුණා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ දුව රඟපාන්න අකමැති වීම. එයා සංගීතය තුළ නිවේදනය තුළ රැඳී ඉඳීවි. ඒත් රඟපෑමෙන් නම් ඉදිරියට යන එකක් නැහැ.
 
Related Posts with Thumbnails