Ads 468x60px

.

හොරුන්ට හසුවී අතේ ඇති සතේ මෙන්ම පිරිසිදු කමද නැතිකර ගන්නා කෙල්ලන්ට සිදුවන දේ...

අන්තර්ජාලය යනු අප ඉදිරිපිට පවතින නිදහස්‌ සුන්දර ලෝකයකි. මුදලට ලබාගත හැකි සියලු සැපසම්පත් මේ ලෝකය තුළ තිබේ. ආදරය මිලට ගත හැකිද? අන්තර්ජාලයේ තිබෙන පරිදි ආදරය මිලට ගත හැකිය. 

රාගය මිලට ගත හැකිද? අන්තර්ජාලයේ තිබෙන පරිදි රාගය සිල්ලරට පමණක්‌ නොව හෝල් සේල් ද මිලට ගත හැකිය. යුරෝපයේ Sex Market යනුවෙන් වෙළෙඳපොළක්‌ තිබේ. කාම භෝගී මනුෂ්‍යයකුගේ ලිංගික ජීවිතයට අවශ්‍ය 'අමතර කළමනා'' සියල්ලම පාහේ මේ Sex Market එක තුළ ඇත. 

එහෙත් පසුගිය අවුරුදු 15 ක පමණ කාලයක පටන් අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් නොමිලේ Blue Film ලබා ගැනීමට හැකිවූ නිසා ද විවිධ
'වෙබ් සයිට්‌' මගින් ඇණවුම් කර පෙර කී අමතර කළමනා සියල්ල හතලිස්‌ අට පැයක්‌ තුළ ගෙදරටම ලබාගත හැකි වූ නිසා ද යුරෝපයේ Sex Market එක බංකොලොත් වී මිනිස්‌සු එම කඩ වසා වෙන රස්‌සාවල් සොයා ගත්හ.

මෙසේ එක මාකට්‌ එකක්‌ වැටෙන විට තව මාකට්‌ කිහිපයක්‌ හිස ඔසවන්නට විය. එයින් පළමුවැන්න අන්තර්ජාලයෙන් ගැහැනුන් විකිණීමය. දෙවැනි තැනට පත්වන මාකට්‌ කිහිපයක්‌ තිබේ. ලංකාවේ නම් ඒවා අතරින් මුල්තැනට එන්නේ පිරමීඩාකාර ආයෝජන ව්‍යාපෘතීන්ය.

''පැනෝරා'' යන නම යටතේ අන්තර්ජාලය හරහා මෙබඳු ව්‍යාපෘතියක්‌ දියත් කර මුදල් ගැරූ හම්බන්තොට පැත්තේ ව්‍යාපාරිකයකු කුදලාගෙන යන හැටි පසුගියදා රූපවාහිනියෙන් ප්‍රදර්ශනය වූ අතර ඊළඟ දවසේ පුවත්පත්වල පළ විය. 

මුදල් වංචාවට අමතරව මනාලියන් ගසාකෑම ද අන්තර්ජාලය හරහා සිදු කළ හැකිය. මංගල යෝජනා සහිත ලාංකික වෙබ් අඩවි කිහිපයක්‌ අන්තර්ජාලයෙහි ඇත. 

අන්තර්ජාලය හිමි කොම්පැණියට රුපියල් 1000 ක්‌ ගෙවීමෙන් (සමාගමේ බැංකු ගිණුමෙහි මුදල් තැන්පත් කර එම රිසිට්‌ පත සමාගමට EMAIL කිරීමෙන්) තමන් කැමැති මනාලියගේ පින්තූරය, උස, මහත, දිග, පළල, ඇය කරන රැකියාව, ඇය ලබන වැටුප, ඇගේ දුරකථන අංකය, ලග්නය, ඇය උපන් රාශිය පමණක්‌ නොව ඇයට මළ බද්ධය හෝ වෙනත් රෝගාබාධ තිබේද යන්න පවා දැනගත හැකි ය. 

වෙබ් සයිට්‌ එක මේ සියලු විස්‌තර විකුණන්නේ නන්නාඳුනන මිනිසකුට ය. ඌ එක්‌කෝ වංචනිකයෙකි. නැතහොත් කාමුකයෙකි. එහෙමත් නැත්නම් බහු විවාහ කාරයෙකි.

ලංකාවේ වෙබ් සයිට්‌ එකක පළවී තිබූ විවාහ යෝජනාවකින් තරුණියක රවටා මුදල් ලබාගත් කපටි වංචාකාර මනාලයකු ගැන අපි ඊයේ (24 දා) "දිවයිනෙන්" කියෑවීමු. මේ හොරා මැලේසියාවේ සේවය කරන ඉංජිනේරුවකු ලෙස පෙනී සිට ඇත. 


ඔහු වෙතින් රැවටීමට ලක්‌වූ තරුණිය මාතර දික්‌වැල්ලේ පදිංචිකාරියකි. ඔහු ඇය රවටා රුපියල් දෙලක්‍ෂයකට ආසන්න මුදලක්‌ ලබාගෙන තිබේ. මනාලයා පිටරට රස්‌සාවක්‌ කරන්නකු ලෙස පෙනී සිටි විට සිය කැමැත්තෙන් රැවටෙන්නට ප්‍රිය කරන මනාලියෝ මෙහි වෙසෙති. 

මෙය මනාලියන්ගේ වරද නොව ගැහැනුකමේ වරද ය. ගැහැනිය ඉතා පහසුවෙන් රැවටීමට ලක්‌ කළ හැකි ය. ඇය ඉතා සංවේදීය. පසු කාලයේදී යහපත් මවක වීම සඳහා මේ සංවේදීකම ඇයට අවශ්‍යය. එහෙත් මුල සිටම මේ සංවේදී බව තිබෙන විට ඇය රවටනු ලැබීමට පහසු ය. 

කපටි පිරිමි මේ බව හොඳින් දනිති. මංගල යෝජනා 'වෙබ්සයිට්‌' කාරයන් තම සේවාවන් මෙහෙයවන විට මනාලියන්ට මුහුණ පෑමට ඉඩ ඇති අන්තරාය ගැන පොදුවේ ඇය දැනුවත් කළ යුතු ය. 

මනාලයා හඳුන්වා දීම සඳහා වෙබ් සයිට්‌ එක මනාලියගෙන් මුදලක්‌ අයකර ඇත්නම් (මෙය බොහෝ විට ලියාපදිංචි ගාස්‌තුවක්‌ ලෙස අය කරයි) මනාලිය එම මනාලයාට රැවටුණු විට එහි වගකීමෙන් කොටසක්‌ වෙබ් සයිට්‌ එකට ද යයි. 

මෙය එබඳු එක සිද්ධියක්‌ සම්බන්ධයෙන් උසාවි ගොස්‌ නෛතික අර්ථකථනයක්‌ ලබාගත යුතු සිද්ධියකි. එවිට තමන් මනාලයන් ලෙස හඳුන්වා දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් පූර්ව සොයා බැලීමක්‌ කිරීමට වෙබ් සයිට්‌කාරයන්ට සිදු වේ. නැත්නම් මේ රටේ කෙල්ලන්ට සිදු වන්නේ හොරුන්ට හසුවී අතේ ඇති සතේ මෙන්ම පිරිසිදුකමද නැතිකර ගන්නට ය.
 
Related Posts with Thumbnails