Ads 468x60px

.

වටරැක විජිත හිමියන් කළ බොරු රංගනය ඉවරයි - රෝහලෙන් යනකොටම පොලිසියෙන් අල්ලයි.


ඥතියෙක් සියලු 
විස්තර කියයි.

තමන් විසින්ම තම සිරුර තුවාල කරගෙන පසුව කිසියම් පිරිසක්‌ විසින් තමා පැහැර ගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදී වද හිංසා කළ බවට බොරු රඟපෑමක්‌ කළ ජාතික බලසේනා සංවිධානයේ සභාපති වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (25 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කොළඹ ජාතික රෝහලේ දින 07 ක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලබමින් සිටි විජිත හිමි ඊයේ දහවල් 1.00 ට පමණ රෝහලෙන් පිටව යැමට සූදානම් වෙද්දී පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත රැගෙන ගොස්‌ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කිසියම් පිරිසකගේ පහර කෑමට ලක්‌වූ බව කියමින් වටරැක විජිත හිමියන් ඉකුත් 18 වැනිදා පෙරවරුවේ පානදුර හිරණ ප්‍රදේශයේ වැටී

සිටියදී පොලිසිය මගින් සොයාගන්නා ලදී.

එහිදී විජිත හිමියන් කියා සිටියේ තමන්ට දැන් කල්පනාව මදි බවත් කිසියම් පිරිසක්‌ තමන් පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදී නිරුවත් කර අත්පා ගැටගසා මහ මග දමා ගිය බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ කොළඹ අපරාධ කොට්‌ඨාසය වටරැක හිමියන්ගේ පරස්‌පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් සැක පහළ කර තිබිණි.

පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශන වලින් හෙළිවූයේ මෙම සිද්ධිය වටරැක විජිත හිමියන් කළ බොරු රංගනයක්‌ බවයි. විජිත හිමියන්ගේ සමීපතම ඥතියකුගෙන්ද ලද තොරතුරු ඔස්‌සේ පොලිසිය මේ බව අනාවරණය කරගෙන තිබිණි.

ඒ අනුව විජිත හිමියන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යන්නට සූදානම් වෙද්දී එහි ගිය කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු එම හිමියන් අත්අඩංගුවට ගත්හ. අසත්‍ය ප්‍රකාශ කිරීමේ (මුසාවාදා වේරමණී සික්‌ඛාපදං) චෝදනාව මත විජිත හිමියන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවැසීය.
 
Related Posts with Thumbnails