Ads 468x60px

.

ෆේස්බුක් හුටපටයකින් අම්මාට පතිවතත් නැත. දියණියත් නැත.


මගේ හස්බන්ගෙන් 
දික්කසාද වෙලා 
මම තනිවෙලා 
ඉන්නේ

ෆේස්බුක් ගිණුමක් හරහා දිගු කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වූ 17 හැවිරිදි තරුණියක් 63 හැවිරිදි නාකි පොරක් සමඟ පැන ගොස් මොරටුව ප්‍රදේශයේ ජීවත්වන බව මවුපියන්ට දැනගන්නට ලැබී ඇත. අවුරුදු 14 වයසේදී මේ කෙල්ල සමඟ මිත්‍ර වූ වියපත් බඹරා පසුව ඇය හා පැනගොස් ඇත.

දැන් ඉන්න කෙල්ලන් පුදුම අයය. මිනිහා නාකි වුණාට කම් නැත. සල්ලි බාගේ තිබේ නම් එය හොඳටම ප්‍රමාණවත්ය. මේ කෙල්ල මේ නාකිරාල සමඟ පැන යන්නට ඇත්තේ සල්ලි බලාගෙන විය හැකිය.

අපේ රටේ සමහර නාකි පොරවල් හොඳ මනමාලයෝය. ඔවුන්ට අත්දැකීමෙන් ගැහැනුන් වසඟ කරගැනීමේ හැකියාවක් තිබේ. ගැහැනු මෙවැනි නාකින්ට කැමැති ඔවුන් ස්ත්‍රීන් වසඟ කරගැනීමේ කාම ශාස්ත්‍රය හොඳහැටි දන්නා නිසා විය හැකිය.

ඒ කාලේ ගාල්ලේ කොල්ලෙක් ළඟ මොබයිල් ෆෝනයක් තිබුණේය. එයට ගැහැනියක් කතා කළාය. "කවුද කතා කරන්නේ" කොල්ලා විමසීය."මම මේ අම්බලන්ගොඩින් රම්‍යා කතා කරන්නේ." "මගේ
නම්බර් එක ඔයාට ලැබුණෙ කොහොමද?" "ඔයාගේ යාළුවෙක් දුන්නා."

මේ අන්දමට දෙදෙනාගේ ප්‍රේමය ෆෝනය හරහා දියත් විය. දිනක් 20 හැවිරිදි තරුණයා තම පෙම්වතියගේ වයස විමසීය. "ඔයාට වයස කීයද?" "දාසයයි, මාසයයි."

"බොරු නොකිය නියම වයස කියන්නකෝ." "හරියටම අවුරුදු විසි දෙකයි. කොල්ලා තීරණයක් ගත්තේය. මට විස්සයි. අවුරුදු දෙකක් වැඩිමහල් වුණාට කමක් නැහැ. ඔන්න ඔහේ බඳිමු. මෙසේ සිතූ ඔහු අම්බලන්ගොඩ ඇය කී ලිපිනයට ගියේය.

තරුණිය දුටු සැණින් ඔහු මවිත විය. ඇයට විසි දෙකක් නොව හතළිස් පහත් පැන ඇති බව පෙනේ. ඇයට දහ අටක දුවක්ද සිටියි. "මං බොරු කීවෙ ඔයා මාව අතහරී කියල සැකයට. මගේ හස්බන්ගෙන් දික්කසාද වෙලා මම තනිවෙලා ඉන්නේ." ඇය නිදහසට කරුණු කීවාය.

මාසයක් පමණ නිතර ඇගේ නිවෙසට ගිය තරුණයා ඇගේ දියණිය සමඟ සබඳතාවක් ඇතිකර ගත්තේය. දිනක් අම්මා නැති අතරතුර කොල්ලා ඇගේ දියණිය සමඟ පැන ගියේය.

අම්මාට පතිවතත් නැත. දියණියත් නැත. ඒ මොබයිල් ප්‍රේමයේ හැටිය.
මේ ෆේස්බුක් හුටපටයකි. ෆේස්බුක් මඟින් දැන හැඳිනගත් තරුණියක් බත්තරමුල්ලේ සිටියි. ඇය යහළු වී තිබෙන්නේ දේශපාලනඥයකුගේ පුතකු සමඟය.

"ඔයා මට වඩා ලොක්කෙක්. මං ඔයාට ප්‍රේම කරන්නේ කොහොමද?" තරුණිය ඔහුගෙන් විමසුවාය. "ප්‍රේමෙට ලොකු පුංචිකම් නෑ. තාත්තා විරුද්ධ වුණත් මං ඔයා බඳිනවා."

ඇයට බැංකු ගිණුමක් තිබේ. එහි රුපියල් ලක්‍ෂ 10ක් ඉතිරි වී තිබිණි.
දිනක් හදිසියේ මන්ත්‍රි පුතා ආවේය. "මොකද කලබලෙන්?"

"මට හදිසියක් වෙලා. හදිසියේ සතියකට මට ඉන්දියාවට යන්න වෙලා. මේකට තාත්තා කැමැති නෑ. අනේ මට ලක්‍ෂ 5ක් දෙන්න. මං ආපු ගමන් දෙනවා." තරුණියට ඔහු ගැන සැකයක් නැත. 

ඇය ලක්‍ෂ 5ක් දුන්නාය. ඔහු ගියා ගියාමය. යළි ආවේ නැත. ඔහු පිටරට ගියේ තවත් තරුණියක සමඟ බව පසුව අර තරුණියට ආරංචි විය. මන්ත්‍රි පුතුන්ගේ හැටි එහෙමය.
 
Related Posts with Thumbnails