Ads 468x60px

.

අසල්වැසි කත දුන් බිස්‌කට්‌ කෑ දරුවා මිය යයි - පස්‌හැවිරිදි අක්‌කාත් රෝහලේ

අසල්වැසි කාන්තාවක්‌ විසින් දෙන ලද බව කියන විස්‌කෝතුවක්‌ කෑමෙන් පසුව පන්විල තවලන් තැන්න ප්‍රදේශයේ අවුරුදු තුනහමාරක්‌ පමණ වූ පිරිමි දරුවකු මිය යැමේ සිද්ධියක්‌ පිලිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

අදාළ අසල්වැසි කාන්තාව පන්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් බ්‍රහස්‌පතින්දා පස්‌වරුවේ කේ. ජී. දිල්ෂාන් නමැති මේ පිරිමි දරුවා රෝගාතුර වීමෙන් පසුව මඩොල්කැලේ

රෝහලට ඇතුළත් කළ බවත් දරුවා එහිදී මියගිය බවත් පොලිසිය මගින් කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මියගිය දරුවාගේ වැඩිමල් සොහොයුරිය ද රෝගාතුරව මඩොල්කැලේ රෝහලට ඇතුළත් කර පසුව මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බව පන්විල පොලිසිය පවසනවා. ඇගේ වයස අවුරුදු පහක්‌ පමණ වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බව පන්විල පොලිසිය
පවසනවා.
 
Related Posts with Thumbnails