Ads 468x60px

.

බොදු බල සේනාවට එරෙහිව පැරිසියේ විරෝධතා (පින්තුර)

බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාව තුල තහනම් කරමින්, ජාතිවාදය අවුස්සමින් සිටින ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස රාජපක්ෂ ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණයක් ඊයේ (22) සවස පැරිසියේදී පැවැත්විණි. 

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාව සංවිධානය කරනු ලැබූ මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට මුස්ලිම් ජනයාට අමතරව ප්‍රංශයට සංක්‍රමණය වූ දෙමල හා සිංහල ජනයාද එක්විය. 

දෙසීයකට වැඩි පිරිසක් එක්ව සිටි මෙම උද්ඝෝෂණය පැවතියේ   අයිපල් කුළුණ සමීපයේ පිහිටි තොකදරෝ පීඨිකාවේදීය. මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අලුත්ගමදී එල්ලවූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා ජනාධිපති රාජපක්ෂ වෙත සන්දේශයක් භාරදෙන බවද සංවිධායකයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

එහි පින්තුර කිහිපයක් පහතින්.


සේයාරූ -  අතුල විතානගේ
 
Related Posts with Thumbnails