Ads 468x60px

.

අක්‌කට අසනීප බව කියා පාසලෙන් අරගෙන ගිහින් බිරිඳගේ නංගීට අතවර කළ මස්‌සිනා...

පාසලේ ඉගෙන ගනිමින් සිටි දැරියක්‌ සොයා හදිසියේ පාසලට පැමිණ ඇති ඇයගේ මස්‌සිනා අක්‌කාට අමාරුයි කියා ඇයව පාසලෙන් කැඳවා ගෙන ගොස්‌ අපහරණය කර දූෂණය කරන පුවතක් අක්‌කරවේලිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අධි චෝදනා ලබා සිටි මස්‌සිනා එම චෝදනා දෙකටම වරදකරු කළ හලාවත මහාධිකරණය බරවැඩ සහිත වසර 27 ක සිරදඬුවමක්‌ පසුගිය දා නියම කර ඇති බවයි.

සුප්පන් චන්ද්‍ර මෝහන් නොහොත් සුප්පන් සන්දීර් මෝහන් චූදිත වන හෙතෙම සිද්ධිය වනවිට මුන්දලම අක්‌කරවේලිය ප්‍රදේශයේ පදිංචිව
ඇත.

2003 ජුලි 11 දින හෝ ඊට ආසන්න දිනයක මුන්දලම අක්‌කරවේලියදී වයස අවුරුදු 16 ට අඩු දැරියක අපහරණය කිරීම, එම දින වැල්ලම්පිටියදී

ඇයව දූෂණය කිරීම යනුවෙන් චූදිතට විරුද්ධව අධි චෝදනා ඉදිරිපත් කර තිබිණි. වින්දිත තැනැත්තිය ඒ වනවිට හය වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.

කුඩා කාලයේම පියා ඇයව අතහැර දමා ගොස්‌ තිබුණෙන් මවගේ අක්‌කා ගේ නිවසෙහි ජීවත්ව තිබේ. මවගේ අක්‌කා වන ඇයගේ ලොකු අම්මාගේ දරුවන් වූ අක්‌කලා දෙදෙනෙක්‌ ද මල්ලි කෙනෙක්‌ද අක්‌කලාගේ විවාහක සැමියන් දෙදෙනාද එහි පදිංචිව සිට ඇත.

සිද්ධියවූ දින වින්දිත තැනැත්තිය පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී පොඩි අක්‌කාගේ සැමියා වන චූදිත පාසලට පැමිණ අක්‌කාට අමාරුයි යමුයි කියා ඇත. ඔහු පාසලේ ගුරුවරයකුටත් විදුහල්පතිටත් ඒ ගැන කියා දැරියව පාසලෙන් රැගෙන ගොස්‌ මෙම අපරාධය සිදු කරන ලද බව වින්දිත තැනැත්තියගේ සාක්‍ෂියේ සඳහන් වෙයි. ඇය මහාධිකරණයේ සාක්‍ෂි දෙන විට ගැබිනියක්‌ව සිට ඇත.

පැමිණිල්ලෙන් ඉදිරිපත් කෙරුණ සාක්‍ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව කියා සිටි මහාධිකරණ විනිසුරු එච්. එම්. අමල් තිලකරත්න මහතා පළමුවැනි අධි චෝදනාවට බර වැඩ සහිත අවුරුදු හතක සිරදඬුවමක්‌ සහ රුපියල් 10,000 ක දඩයක්‌ නියම කළේය. දඩය නොගෙවන්නේ නම් අවුරුද්දක සැහැල්ලු සිරදඬුවමක්‌ නියම කළේය.

දෙවැනි අධි චෝදනාවට බර වැඩ සහිත අවුරුදු 20 සිරදඬුවමක්‌ද රුපියලක්‌ 20,000 ක දඩයක්‌ සහ වින්දිත තැනැත්තියට රුපියල් ලක්‍ෂ හතක වන්දි මුදලක්‌ ගෙවීමට නියම කළේය. දඩ මුදල නොගෙවන්නේ නම් අවුරුද්දක ලිහිල් සිරදඬුවමක්‌ ද වන්දි මුදල නොගෙවන්නේ නම් අවුරුදු දෙකක ලිහිල් සිරදඬුවමක්‌ ද නියම කළේය.
 
Related Posts with Thumbnails