Ads 468x60px

.

තරුණියක් නානවා බලා පොලිසියට හසුවූ එක්‌දරු පියා

තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක කටඋත්තරයක්‌ ලියා ගනිමින් සිටියදී පොලිසියේ තාප්ප යෙන් පැන පලාගිය පුද්ගලයෙකු ගේ මළ සිරුරක්‌ බත්තරමුල්ල අකුරේගොඩ වැව අසල කැලෑ රොදක වූ කැන්ද ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙම
පුද්ගලයා හෝකන්දර ප්‍රදේශයේ කාන්තාවක නාන කාමරයේ නාමින් සිටියදී නිවසට ඇතුළු වී එය බැලුවැයි ඇය විසින් ඔහුට පහර දී තිබෙනවා. එහිදී එම පුද්ගලයාද ඇයට පහරදී යතුරුපැදියේ නැග පලාගොස්‌ තිබිණි. මේ අවස්‌ථාවේ යතුරුපැදි
අංකය ලියා ගත් කාන්තාව පසුව සිද්ධිය ගැන තලංගම පොලිසියට පැමිණිලි කරමින් සැකකරු පලාගිය යතුරුපැදියේ අංකයද පොලිසියට ලබාදී තිබෙනවා.

ඒ අනුව විමර්ශන සිදුකර සැකකරු තලවතුගොඩ සපත්තු නිෂ්පාදනය කරන ස්‌ථානයකදී කොටුකරගෙන පසුගිය 21 වැනිදා පොලිස්‌ ස්‌ථානයට
රැගෙන විත්
තිබෙනවා.

එහිදී එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධව කටඋත්තර ලබාගනිමින් සිටියදී එක්‌වරම පොලිසියේ අඩි හතක්‌ උසැති තාප්පයකින් පැන පලාගොස්‌
තිබෙනවා. පොලිසිය සැකකරු සොයා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ ද ඔහු සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

පොලිසිය සැකකරු සොයමින් සිටියදී ලද තොරතුරකට අනුව ඔහුගේ සිරුර මෙසේ කැන්දගසක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි. මියගිය සැකකරුගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය කඩුවෙල වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් පැවැත්වීය.

මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පෙරේදා (22 වැනිදා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැති අතර එහිදී එම මරණය ගෙල වැලලා ගැනීමෙන් සිදුකරගත් සියදිවි නසාගැනීමක්‌ බවට තීරණය විය.
 
Related Posts with Thumbnails