Ads 468x60px

.

අයගම සමිත හිමියන්ට තුන් දෙනෙක් ගුටි දුන්නාට බේරුවලට පොලිස් ඇඳිරි නීතිය...

අලුත්ගම නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අලුත්ගම සහ බේරුවල ‍පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ ‍පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව ‍අප වෙත වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුම හේතුවෙන් කඩසාප්පු රැසකට ගිනිතබා ඇති අතර පහරදීම්වලින් සැලකිය යුතු පිරිසක් සුළු තුවාල ලබා ඇති බවත්
වාර්තා වෙනවා.


මෙම ගැටුමට හේතුවූයේ ‍පොසොන් ‍පොහොය දින ධර්ම දේශනයකට වැඩම කරමින් සිටි කුරුඳුවත්ත විද්‍යාරාමාධිකාරී අයගම සමිත හිමියන්ට

තිදෙනකු කළ පහරදීමකි. 

මෙම සිද්ධියේදී ‍පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට ප්‍රදේශ වාසීන් චෝදනා කළ අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 

මෙම සිද්ධියත් සමග අලුත්ගම නගරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹින්, කළුතරින්, ඇල්පිටියෙන්, ගාල්ලෙන් සහ තවත් ප්‍රදේශ රැසකින් ‍පොලිස් බලඇණි කැඳවා ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ සමිත හිමියන් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඊයේ (15) පිටව ගිය අතර උන්වහන්සේ පිළිගැනීම සඳහා බොදු බල සේනා සංවිධානයේ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා සියගණනක් ද ගිහියෝ දහස් ගණනක්ද එම අවස්ථාවට සම්බන්ධ වී සිටියහ. 


මෙම පිරිස රැස්වීමක්ද පවත්වා පෙළ පාළියෙන් සමිති හිමියන් පන්සලට වැඩමවීමට සූදානම් වුවත් උසස් ‍පොලිස් නිලධාරීන් මැදිහත්ව ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් වාහනවලින් ගමන් කරන ලෙස උන්වහන්සේ ගෙන් ඉල්ලා තිබේ. 

ඒ අනුව තුන්දහසකට අධික පිරිස වාහනවලින් ගමන් කිරීමට පටන් ගත් අතර වාහන පෙළපාළියට අතර මගදී කිසියම් පිරිසක් ගල්මුල්වලින් පහරදීමට පටන් ගෙන තිබේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගැටුම් හටගෙන ඇති අතර කඩසාප්පු රැසකට ගිනිතබා ඇත්තේ ඉන් පසුවය.


මෙම තත්ත්වය ඊයේ රාත්‍රිය වන විටත් පැවැති අතර තත්ත්වය පාලනය කිරීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය ක්ෂණික විහිදුම් බළකාය ඇතුළු ආරක්ෂක අංශ කිහිපයක් යොදවා තිබුණි. 


නියෝජ්‍ය ‍පොලිස්පතිවරු සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරු එහි ගොස් තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියහ. පොලිස් පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයට යාමට නියමිතව සිටි බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

කඩු, කිනිසි, ‍පොලු මුගුරු අතින් ගත් පිරිස් ඊයේ රාත්‍රියේත් එම ප්‍රදේශවල සැරිසරනු දක්නට ලැබූ
බවත් වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails