Ads 468x60px

.

ගෙදර පූස්‌ පැටියා මුළු පවුලේම දිවි රැක දුන් හැටි

මේ කතාවේ කතා නායකයා ගෙදර සුරතලයට ඇති කරන පූසා. (බළලා)

එදා ඒ වෙලාවේ ටිකක්‌ රෑ වෙලා... ගෙදර මහත්තයා පොද වැස්‌සේම ගියා රෑට කෑමට පාන් ගෙඩියක්‌ ගෙන එන්නට. ගෙදරට ටිකක්‌ එහාට... වෙන්න තියෙන කඩේකට ගියා.... මහත්තයා කඩේට ගියාට පස්‌සේ ගෙදර හිටියේ නෝනයි, චූටි දුවයි.... ගෙදර පූසයි විතරයි... වැස්‌ස දැන් හොඳටම තද කළා. දරුණු වැස්‌ස...

නන්දසීලි නෝනා බලාගෙන හිටියා මහත්තයා එනකල්... දැන් පැය ගණනක්‌ ගියා. නෝනට නිදිමතයි. නෝනයි දුවයි ගියා... නිදා ගන්න. එයා දැනගත්තා මේ වැස්‌සේ මේ රෑ මහත්තයාට ගෙදර එන්න විදියක්‌ නැහැ කියලා. ඒත් ඒ නෝනාට නින්ද ගියේ නැහැ... 


පුසාගේ වැඩේම ඥාව් ඥාව් කියනවා... කියනවා නෙවි, කෑ ගහනවා... වෙනදා වගේත් නෙවි... අමුතුම සද්දෙකින් තමයි, එදා පූසා කෑ ගැහුවේ...
අවසානයේදී නෝනට බය හිතුණා. එයා පුංචි බබාත් වඩාගෙන ළඟ ඇති ගෙදරකට ගියා නිදා ගන්න... 

එළිවෙනකොට මහත්තයාත් ආවා... උදේ පාන්දර වැස්‌ස පායලා... ඒ ගොල්ලන් තමන්ගේ ගේ ළඟට ගිහින් බලනකොට... මුළු ගෙයම බිමට සමතලා වෙලා.

ඒ අයට මේ වෙන්න තිබූ අනතුර ගැන සිග්නල් දුන් සුරතල් පූසා ගෙදර මුල්ලක හිටියාද? නෑ....... ඌ අර කඩාවැටුණු ගෙයි සුන්බුන් වලට යට වෙලා මිය ගිහින්... මේ කතාව ඇසුණේ හොරණ පැලවත්ත පැත්තෙන්... කොහොම හරි දැන් මේ පවුලට ගෙයක්‌ නැහැ... ඒත් ජීවිත ටික බේරුණු එක ලොකු දෙයක්‌නේ...
 
Related Posts with Thumbnails