Ads 468x60px

.

වෛද්‍යවරයාගේ කම්මුලට ගැසූ ගෑනුත් නැති පිරිමිත් නැති අපුරු තරුණයා...


ආර්.එම්.බී. එකේ 
ජරමරයක්‌

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්ත මේන්තුවට අයත් වේරහැර රියෑදුරු බලපත් නිකුත් කරන ආයතනයට රියෑදුරු බලපත්‍රයක්‌ ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය නිකුත් කරන අංශයට පසුගියදා අපූරු තරුණයෙක්‌ පැමිණියේය.

කොණ්‌ඩය පාට කර කාන්තාවකගේ හා සමාන ප්‍රමාණයට කොණ්‌ඩය කොටට කපා කොයි මොහොතේ කඩා වැටේදො යයි සැක සිතෙන ඉනෙන් පහළට වැටුණු කලිසමක්‌ ඇඳ සිටි මෙම තරුණයාගේ කථා බහද කාන්තාවකගේ හා සමානය.

මෙම තරුණයාගේ හැසිරීම සහ විලාසිතා දුටු එහි සිටි කාටත් විනෝද ජනක විය. ඔහුගේ පසුපසින් ආරක්‍ෂක අංශයේ යෑයි සිතිය හැකි පුද්ගලයන් දෙදෙනකුද සිටියේ පෞද්ගලික ආරක්‍ෂකයන් මෙනි.

තම වාරය පැමිණි පසු මෙම සුකොමල තරුණයා වෛද්‍ය පරීක්‍ෂාව සඳහා වෛද්‍යවරයාගේ කාමරයට ගියේය. මොහු දුටු වෛද්‍යවරයා ඔයා පිරිමි

ළමයෙක්‌ද ගැහැනු ළමයෙක්‌දැයි නිකමටමෙන් විමසුවේය.

ඉන් කෝපයට පත් මෙම සුකොමල තරුණයා වෛද්‍යවරයාගේ කම්මුලට පහර කිහිපයක්‌ ගසා උඹ දැනගනින් මගේ තාත්තා හමුදාවේ උසස්‌ නිලධාරියෙක්‌ යෑයිද උඹට මම තාත්තාට කියලා හොඳ වැඩක්‌ කරන්නම් යෑයි තර්ජනයක්‌ද කර පිටව ගියේය.

නොසිතූ අකරතැබ්බයකට මුහුණදුන් වෛද්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්‌වූයේ මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා තුරු එදින වෛද්‍ය වාර්තා නිකුත් නොකිරීමෙනි.

තරුණයාගේ හැසිරීමත් වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපයත් නිසා පීඩාවට පත්වූයේ එදින රියෑදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ගැනීමට පැමිණ සිටි අයෑදුම්කරුවන්ය.
 
Related Posts with Thumbnails