Ads 468x60px

.

ටයිල් වැඩ කරද්දී ආදර සිතක්‌ පහළ වුනු තරුණිය, වැව්බැම්ම උඩට ගෙනිහින් දූෂණය කල ටයිල් බාස්‌


එයාගේ සෙක්සි 
ඇඟ දැක්කම මට 
මොකද්ද වුණා. 
- ටයිල් බාස්‌ පාපොච්චාරණය කරයි 

අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරයක්‌ පවත්වා ගෙන ගිය මීට මාස තුනකට පමණ ඉහතදී 56 වියෑති විවාහක කාන්තාවක මිහින්තලේ වෙල්ලාර ගම ප්‍රදේශයේ දී දූෂණය කොට ගෙල සිරකර මරා දැමූ සිද්ධියේ සැඟවී සිටි ටයිල් බාස්‌ පසුගිය 3 වැනිදා සවස පානදුර මොරවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබු පුවත අප වෙත වාර්තා වුණා.

පසුගිය මාර්තු මස 11 වැනිදා අනුරාධපුර නගරයේ තුන්වැනි පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක දෙදරු මවක වූ ප්ලොරිඩා බ්‍රිජට්‌ වින්සන් ඕපාත නමැති කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ටයිල් බාස්‌ එසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ටයිල් බාස්‌ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පුළුල් විමර්ශනයක්‌ සිදුකළ අතර ටයිල් බාස්‌ විසින් සිය මිතුරකුට

ජංගම දුරකථනයක්‌ උකස්‌ කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක්‌ පසු පස හඹා ගොස්‌ පානදුර මොරටුව සහ හම්බන්තොට ආදී ප්‍රදේශවල සැරිසරා සිදු කළ මෙහෙයුම කින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

චෝදනා ගණනාවක්‌ සම්බන්ධයෙන් අධිකරණය සහ පොලිසිය මග හරිමින් කට්‌ටි පනිමින් සිට ඇති මෙම ටයිල් බාස්‌ අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ පානදුර මොරවින්න ප්‍රදේශයේ බ්ලොක්‌ ගල් කැපීමේ වැඩබිමක සේවය කරමින් සිට ඇත.

හම්බන්තොට, සූරියවැව, මහවැලි කඩආර, අංක 83 දරන ලිපිනයේ පදිංචි තිස්‌හතර හැවිරිදි වියෙහි පසුවෙන සැකකරු ටයිල් බාස්‌ යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලබන බව පොලිසිය පවසනවා.

තමා දින 29 ක පමණ කාලයක්‌ ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ නිවසේ පොළවට ටයිල් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටි බවත්, එසේ කටයුතු කරමින් සිටියදී එම කාන්තාව කෙරෙහි ආදර සිතක්‌ පහළවූ බවත්
ටයිල් බාස්‌ පොලිසියට පාපොච්චාරණයක්‌ කරමින් පවසා තිබෙනවා.

අනතුරුව අලුත් වැඩියා කරමින් තිබූ එම නිවසේ පොළවට ඇල්ලීම සඳහා අඩු මිලට ලබාගත හැකි ටයිල් තොගයක්‌ මිහින්තලේ වෙල්ලාරගම ප්‍රදේශයේ පදිංචි තම මාමා කෙනකු සතුව තිබෙන බවත් පවසා පසුව ටයිල් මිලදී ගැනීමේ මුවාවෙන් කාන්තාව වෙල්ලාරගම ප්‍රදේශයට කැඳවා ගෙන ගොස්‌ වෙල්ලාරගම වැව් බැම්ම මතදී ඇය දූෂණය කොට ලේන්සුවකින් ගෙල සිර කොට ඝාතනය කළ බවත් ඔහු පොලිසියට පවසා
තිබෙනවා.

පසුව ඇය සතුව තිබූ රුපියල් අටසියයක මුදලක්‌, කරාබු ජෝඩුවක්‌ සහ ජංගම දුරකථනය රැගෙන පලාගිය බවත්
ටයිල් බාස්‌ වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා. 

ටයිල් බාස්‌ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් තොරතුරු මත කරාබු ජෝඩුව රුපියල් තුන්දහස්‌ දෙසීයක මුදලකට හම්බන්තොට ප්‍රදේශයේ උකස්‌ මධ්‍යස්‌ථානයකට උකස්‌ කර තිබියදී සොයාගෙන ඇති අතර කාන්තාවට අයත් ජංගම දුරකථනයද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails