Ads 468x60px

.

කොහොමද උක්‌කුං මොළේ...?

තංගල්ල අධිකරණය අසලදී ආමි අමිලට වෙඩි තබා කොන්දොස්‌තර කෙනකු මරා දැමූ පාතාල උක්‌කුවා හෙවත් තංගල්ලේ නිලූෂ නමැති බියකරු දාමරිකයා සහ සගයන් තිදෙනකු තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව 07 වැනිදා වාර්තා විය. 

මේ දවස්‌වල පොල් ගෙඩියක්‌ හොරෙන් කැඩූ අය පවා ආයුධ පෙන්වීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක්‌ ගෙන යන නමුත් පාතාල උක්‌කුවා ඇතුළු පිරිස එම සංචාරයට ඇතුළත් කරගෙන නැත. එයට හේතුව මෙය විය යුතු බව අපි උපකල්පනය කළෙමු. 

ආයුධ පෙන්වීම සඳහා යන ගමන් වලදී පොලිසියට මහන්සි දැනෙන බවත් ජීප් රථයේ ඩීසල් පිච්චීමෙන් ආණ්‌ඩුවට පාඩුවක්‌ වන බවත්
පාතාල උක්‌කු තෙමේ කල්පනා කරන්නට ඇති. 

මේ නිසා තමන් පරිහරණය කරන ආයුධවල පින්තූර සමූහයක්‌ කල්තබාම එකතු කරගත් උක්‌කුවා ඒවා සඟවා ඇති තැන්වල සිතියමක්‌ ද සකස්‌ කර රාළහාමිලාට දෙන්නට ඇති. 

ඒ නිසා ආයුධ පෙන්වීමට යැමේ නිරීක්‍ෂණ චාරිකාවට ඔහු සහභාගි කර ගැනීමෙන් පොලිසිය වළකින්නට ඇති. කොහොමද උක්‌කුං මොළේ?
 
Related Posts with Thumbnails