Ads 468x60px

.

පොලිස්‌ සුනඛයා ව්‍යාපාරිකයා ළඟ නතර වෙලා

පෙට්‍රල් බෝම්බයක්‌ පිපිරීමෙන් පෙරේදා (24 වැනිදා) රාත්‍රි බේරුවල අඹේපිටිය හන්දියේ වෙළෙඳසලක ගබඩාවක්‌ ගිනි ගැනීම කඩා කප්පල්කාරී ක්‍රියාවක්‌ නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්‌ බවට සැක මතු වී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

අඹේපිටිය සිංහල ව්‍යාපාරිකයකුට අයත් මෙම වෙළෙඳසල මුස්‌ලිම් ව්‍යාපාරිකයකුට බදු දී තිබූ අතර, එම වෙළෙඳසල පවත්වා ගෙන යන මුස්‌ලිම් ව්‍යාපාරිකයා වන මොහොමඩ් සිද්දික්‌ මොහොමඩ් අලී මහතා පෙරේදා රාත්‍රි 10.10 ට පමණ තම වෙළෙඳසල ගිනි ගන්නා බවට දැනුම්දීම මත පරීක්‍ෂණ පැවැත්විණි.

පරීක්‍ෂණ සඳහා ගිය 'ග්‍රේරෝ' නමැති පොලිස්‌ සුනඛයා වෙළෙඳසල පරීක්‍ෂා කිරීමෙන් පසු පැමිණිලිකාර ව්‍යාපාරිකයා ළඟ නතර වූ බව ද එම

නිලධාරියා කීය. ගින්නෙන් හානි වූ ස්‌ථානයේ පත්තර හා කාඩ්බෝඩ් ගබඩා කර තිබී ඇත.

මෙම ගින්න සහ පැමිණිල්ල ගැන සැකයක්‌ මතු වී ඇතැයි ද පොලිස්‌ සුනඛයා පැමිණිලිකරු ළඟ නැවතීම නිසා මෙම වෙළෙඳසල ගිනි ගත්තාද, නැතහොත් ගිනි තැබුවාද යන්න ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන බව ද කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතා පැවැසීය.
 
Related Posts with Thumbnails