Ads 468x60px

.

බිරින්ඳට ආදරේ පෙන්වන්න රහස් පෙදෙසට ගිනි තියාගත් සැමියා

රහස් ප්‍රදේශයට ගිණි තබාගෙන බිරිඳට ආදරය පෙන්වීම සඳහා උත්සහා පුද්ගලයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. 

මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයට කිසියම් කාන්තාවක් විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන්ඔහුත් බිරිඳත් යම් බහින් බස් වීවමක් සිදු වී ඇත. 

ඒ අවස්ථාවේ සැමියා විසින් බිරිඳට පවසා ඇත්තේ එය වැරදුනු දුරකථන ඇමතුමක් බවයි. එහෙත් එය පිළිනොගත් බිරිඳ තමන් හට ආදරේ ඇත්නම් එය සනාථ කිරීම සඳහා රහස් ප්‍රදේශයට ගිනි තබාගන්නා ලෙස ඉල්ලීමක්
කර ඇති අතර වහාම ක්‍රියාත්මක වූ සැමියා බිරිදට ආදරය ඇති බව පෙන් වීමට රහස් ප්‍රදේශයට භුමිතෙල් වක්කරගෙන ගිනිතබා ගෙන තිබේ.


සැමියා ගිනි තබාගෙන වේදනාවෙන් කෑ ගසද්දී බිරිඳ විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්‍රියාත්මක වු පොලිස් නිළධාරී අදාළ ස්ථානයට ගොස් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ. 


පොලීස් නිළධාරීන් අදාළ නිවසට යන විටත් ඔහු පිළිස්සුම් තුවාල ලබා කෑ ගසමින් සිටි බව වාර්තා විය. මෙසේ රහස් ප්‍රදේශයට ගිණි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අනුරාධපුර පොලිස් වසමේ පදිංචි දෙදරු පියෙකි.
 
Related Posts with Thumbnails