Ads 468x60px

.

දුම්රියට පැන්න සිසුවියගේ සිද්ධියට සම්බන්ධ ගුරුවරියන්ට මාරු, විදුහල්පතිටත් මාරු : විදුහලත් වසයි

කඳාන, හපුගොඩ සාන්ත මරියා විද්‍යාලයේ පසුගිය (06 දා) දුම්රියට පැන සියදිවි හානිකරගත් 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සෙව්මිණි අපේක්‍ෂා ශිෂ්‍යාව සම්බන්ධව චෝදනා එල්ල වූ විනය කමිටුව භාර ගුරුතුමියන් දෙපළ මීගමුව අධ්‍යාපන කලාප කාර්යාලයට මාරුකර යෑවීමට පළාත් අධ්‍යාපන කාර්යාලය ඊයේ (10 දා) දින සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී තීරණය කළ බව පැවසෙනවා.

ඒ අතර, එහි විදුහල්පතිවද විමර්ශන කටයුතු අවසාන වූ වහාම මාරු කිරීමට තීරණය කර ඇතැයි මීගමුව අධ්‍යාපන කලාප කාර්යාල ආරංචි මාර්ග පවසනවා. බස්‌නාහිර පළාත් අධ්‍යාපන ලේකම් හා මීගමුව
අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්‍ෂ යටතේ මෙම විමර්ශන කටයුතු (10 දා) ඊයේ දින සිදු වී ඇත. 

ඉදිරි දින කීපයෙත් මෙම විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් වේ. ඉදිරි දින කීපය පාසලේ සිසුන්ට නිවාඩු දීමට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා තීරණය කර ඇත.

පසුගිය සිකුරාදා (6 දා) පාසල් නිල ඇඳුමින්ම රාගම වල්පොල ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට රඹුක්‌කන දක්‌වා ධාවනය වූ දුම්රියට පැන සියදිවි හානි කරගනු ගත් කඳාන හපුගොඩ සාන්ත මරියා විදුහලේ 10 ශේ්‍රණියේ අධ්‍යාපනය ලැබූ සෙව්මිණි අපේක්‍ෂා දැරිය එම තත්ත්වයට පත්වීම සඳහා එම විදුහලේ විනය භාර ගුරුතුමියක්‌ කටයුතු කළා යෑයි පවසමින් එම දැරියගේ දෙමවුපියන් හා ඥතීන් ඇතුළු ගම්වාසීහු එම ගුරුතුමියට එරෙහිව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නියෑලුණහ.

පසුගිය (6 දා) දුරකථනයක අසැබි ඡායාරූප කීපයක්‌ ඇතැයි කියූ සිද්ධියක්‌ මුල්කරගෙන මෙම දැරිය සියදිවි නසා ගැනීමට පෙලැඹී ඇතැයි පැවසේ. මේ සම්බන්ධව රාගම පොලිස්‌ ස්‌ථානය පරීක්‍ෂණ පවත්වන අතර එම ගුරුතුමියගේ වැඩ තහනම් කරන ලෙසත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.


1000 ක පමණ පිරිසක්‌ බැනර් රැගෙන කෑ ගසමින් මෙම විරෝධතාව පැවැත්වූ අතර එම ස්‌ථානයට පැමිණි රාගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක අර්ජුන කොඩිකාර මහතා හා මීගමුව අධ්‍යාපන කලාප කාර්යාලයේ අධ්‍යක්‍ෂ ඇන්ටනි ප්‍රනාන්දු මහතා පැමිණ එම ගුරුතුමිය සම්බන්ධව පොලිසිය හා දෙපාර්තමේන්තු මට්‌ටමින් පරීක්‍ෂණ සිදුකර සාධාරණයක්‌ ඉටුකරනවා යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ. 

සීල් තබා ඇති සෙව්මිණි අපේක්‍ෂා දැරියගේ දේහය (9 දා) ඊයේ කඳාන හපුගොඩ රෝමානු කතෝලික සුසාන භූමියේදී මිහිදන් කෙරිණි.
 
Related Posts with Thumbnails