Ads 468x60px

.

වෙබ් අඩවිවල පළවන මංගල දැන්වීම්වලින් මුදල් ගරන කල්ලියක්

වෙබ් අඩවිවල ශ්‍රී ලාංකික තරුණියන් මංගල දැන්වීම් පළ කිරීමෙන් පසු එම තරුණියන් සමඟ සම්බන්ධ වී විවාහ වන බවට පොරොන්දු ලබා දෙමින් ලක්ෂ ගණනින් මුදල් වංචාකළ සංවිධා නාත්මක කල්ලියක් සම්බන්ධ යෙන් දිවයිනේ විවිධ පළාත්වල පොලිස් ස්ථානවලට පැමිණිලි 15ක් පමණ ලැබී ඇතැයි මාතර කොට්ඨාසය බුද්ධි අංශය පැවැසීය.

අන්තර්ජාලය ඔස්සේ පළ කරන මේ මංගල දැන්වීම්වලට අදාළ තරුණිය න් සමඟ ස්කයිප් හා ඊ-මේල් ලිපිනයන් ඔස්සේ සම්බන්ධ වී අනතුරුව දුරකතන අංකද ලබා ගනිමින් ඒවා ඔස්සේ සබඳතා පවත්වා මෙලෙස මුදල් වංචා කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.

මේ සංවිධානාත්මක කල්ලිය විසින් මේ වනවිට රුපියල් කෝටියක පමණ මුදලක් වංචාකර ඇති බවටත් මේ ජාවාරමේ මහ මොළකරු

මැලේසියාවේ සිට ජාවාරම මෙහෙයවන බවටත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මුල්ම පැමිණිල්ල මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ලැබීමෙන් පසු මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එම පරීක්ෂණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ මහතාට භාර දී තිබිණි.

ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ කොට්ඨාස බුද්ධි අංශය වැලිගම පොලිස් බල ප්‍රදේශයේ මිරිස්ස ප්‍රදේශයේ කාන්තාවකට ඩොලර් 5,000ක් සහිත බඩු මල්ලක් එවා ඇති බවත් එය රේගුවෙන් නිදහස් කර ගැනීමට රුපියල් හාරලක්ෂ හැත්තෑදහස් හයසීයක මුදලක් අවශ්‍ය බවටත් පවසා මුදල් තැන්පත් කර ගත් සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබිණි. 


ඔවුන් මේ ජාවාරමට යොදා ගත් ස්කයිප් හා ඊ-මේල් ලිපිනයන් දුරකතන අංක හා බැංකු ගිණුම් මේ වනවිට සොයාගෙන ඇති අතර මේ ජාවාරමේ මහ මොළකරු කාන්තාවක් බවත් එක් සැකකරුවකු දැනට මැලේසියාවේ පදිංචිව සිටින බවටද තොරතුරු හෙළි වී ඇත.

කන්තලේ සහ සේරුනුවර පදිංචි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර ඒ පිළිබඳ මාධ්‍යයෙන් දැනුම්වත් කිරීමත් සමඟින් මේ ජාවාරමට හසු වී ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි නොකළ තරුණියන් ගෙන් පැමිණිලි රැසක් දිවයිනේ විවිධ පළාත්වල පොලිස් ස්ථානවලට ලැබෙමින් පවතින බවද කොට්ඨාස බුද්ධ අංශය පවසයි.
 
Related Posts with Thumbnails