Ads 468x60px

.

සරත්චන්ද්‍ර සැමරුමට මනමේ - සිංහබාහු යුනෙස්කෝ වේදිකාවේ.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ජන්ම ශත සංවත්සරය පැරිසියේ යුනෙස්කෝ මුලස්ථානයේදී පැවැත්වේ.

ජුනි 10 වෙනිදා පැවැත්වෙන මෙම සමරු උත්සවය වෙනුවෙන් මහාචාර්ය සරත්චන්ද්‍රගේ නාට්‍ය නිර්මාණයක් වන 'මනමේ' නාට්‍ය වේදිකාගත කෙරේ. 

ජායාරුප ප්‍රදර්ශනයක් සහ මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් රචිත ග්‍රන්ථ අළෙවි කුටියක් ද මෙහි සංවිධානය කර තිබේ. මහාචාර්ය ජේ.බී. දිසානායක ,මහාචාර්ය සරත් විජේසුරිය , ලලිතා සරත්චන්ද්‍ර ,සහ
සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක සහභාගිවන සරත්චන්ද්‍රයන් පිලිබඳ සම්මන්ත්‍රණයකි.

සමරු උත්සවය පස්වරු 3 ට ඇරඹෙන අතර මනමේ නාට්‍ය වේදිකාගත වනුයේ පස්වරු 5 ට පමණය. මිට සමගාමිව ජුනි 14 වෙනිදා "සිංහබාහු' නාට්‍ය වේදිකාගත කෙරෙනු ඇත.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ බාලම දියණිය වන කිසාගෝතමී සරත්චන්ද්‍ර ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරිණිය ලෙස කටයුතු කරනු ලබයි.
 
Related Posts with Thumbnails