Ads 468x60px

.

ඊයේ (13) එක් දින කි‍්‍රකට් තරගයේදී රෝහිත් ශර්මාගෙන් ලෝක වාර්තා තුනක් (වීඩියෝ)


එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා ඊයේ සමත් වුණා. 

ඒ ශී‍්‍ර ලංකාව සමග ඊයේ පැවැත්වුන සිව්වන එක් දින කි‍්‍රකට් තරගයේදීයි. ෂර්මා ඊයේ තරගයේ ලකුණු 264 ක් රැස් කළා. ඒ සදහා ඔහු වැය කළේ පන්දු 173 ක් පමණයි. ඊට හයේ පහර 9 ක් සහ හතරේ පහර 33 ක් ඇතුළත්. රෝහිත් ෂර්මා සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 72 කදීයි.

ශතකය වාර්තා කිරීමට පන්දු සියයක් වැය කළ ඔහු ලකුණු 150 ක් රැස් කළේ පන්දු 125 කින්. ෂර්මා සිය ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 151 කදීයි. තවත් පන්දු 15 කදී ඔහුට ලකුණු 250 සීමාව පසුකර යාම

විශේෂත්වයක්. මීට පෙර ලොව වැඩිම එක්දින ලකුණුලාභියා වුයේ ඉන්දියාවේම විරේන්ද්‍ර ෂෙවාග්. ඔහු ලබාගෙන තිබුණේ 219 ක් පමණයි.

රෝහත් ෂර්මා ඊයේ දිනයේදී තවත් කි‍්‍රකට් වාර්තා දෙකක් පිහිටුවීමද විශේෂත්වයක්. එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් වාර්තා කළ ලොව පළමු කී‍්‍රඩකයා බවට පත්වීම ඉන් පළමු වාර්තාවයි. 

මීට පෙර ෂර්මා  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 209 ක් රැස්කර ගෙන සිටියා. එක්දින තරගයකදී ලකුණු 250 සීමාව පසු කළ ලොව පළමු කී‍්‍රඩකයාවීම ෂර්මා පිහිටවු අනෙක් වාර්තාවයි.   

ඊයේ තරගයේදී රෝහිත් ෂර්මා ලබාදුන් උඩ පන්දු 4 ක් ශී‍්‍ර ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා. ලකුණු 4 ක් රැස් කර ගෙන සිටියදී ලබාදුන් පහසු උඩ පන්දුවක් තිසර පෙරේරා අතින් ගිලිහී ගියා. 

රෝහිත් ෂර්මා ලබාදුන් උඩ පන්දුවක් රැක ගැනීමට තිබූ අවස්ථාවක් අජන්ත මෙන්ඩිස් අතින් ගිලිහී ගියේ ඔහු ලකුනු 52 ක් රැස්කර ගෙන සිටියදීයී. ලකුණු 197 දී නුවන් කුලසේකර අතින්ද , ලකුණු 206 දී ෂමින්ද එරංග අතින්ද ෂර්මා ලබාදුන් තවත් උඩ පන්දු දෙකක් ගිලිහී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 404 ක්.

එය කණ්ඩායමක් එක්දින තරගයකදී වාර්තා කළ 9 වන වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.  ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙකුට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට
ඊයේ දවසේදී හැකි වුණේ නැහැ. 

නායක ඇන්ජලෝ මැතිව්ස් පමණක් ලකුණු 44 කදී කඩුලූ 2 ක් බිද හෙලූවා. නුවන් කුලසේකරගේ පන්දුවාර 9 දී ලකුණු 89 ක් ද, අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවාර 7 දී ලකුණු 70 ක්ද, තිසර පෙරේරාගේ පන්දුවාර 5 දී ලකුණු 43 ක් ද රැස් කිරීමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.



 
Related Posts with Thumbnails