Ads 468x60px

.

පන්දුව හිසේ වැදී කෝමා තත්ත්වයේ සිටි ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක පිලිප් හියුස් මියයයි.


පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක්ව කෝමා තත්ත්වයේ සිටි ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක පිලිප් හියුස් මියගොස් තිබෙනවා. 25 හැවිරිදි වියේ පසු වූ පිලිප් හියුස් ඔස්ටේ‍්‍රලියාවේ අන්තර් සමාජ කි‍්‍රකට් තරගයක් අතරතුරදී ඉකුත් අඟහරුවාදා මෙම අනතුරට ලක්වුණා.

එම තරගය පැවැත්වුණේ දකුණු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ නිව් සවුත්වේල්ස් කණ්ඩායම අතරයි. පිලිප් හියුග්ස් දකුණු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ප‍්‍රතිවාදී

කණ්ඩායමේ සීන් අබෝට් විසින් එවන ලද බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.එ් සමග පිලිප් හියුස් සිහිසුන්ව බිම ඇදවැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ දක්වා ටෙස්ට් තරග 26කට ක‍්‍රීඩා කර ඇති පිලිප් හියුස් රැුස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1535ක්. ඊට ශතක 3ක් හා අර්ධ ශතක 7ක් ඇතුළත්. ඔහු එක්දින තරග 25කට ක‍්‍රීඩා කරමින් ලකුණු 826ක් රැුස්කර තිබෙනවා. ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් ඇතුළත්. හදිසි අනතුරකින් මියගිය හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක පිලිප් හියුස්ගේ 26 වෙනි උපන්දිනය ද මේ මස 30 වෙනිදාට යෙදී තිබෙනවා.

පන්දුව හිසේ වැදුණු ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න පහතින්. 

 
Related Posts with Thumbnails