Ads 468x60px

.

සුහුඹුල් ක්‍රීඩකයන් ක්‍රිකට්‌ වලට කෙලෙව්වේ ෆේස්‌ බුක්‌ එකේ 'ලයික්‌ ' ගන්නට ගිහින්ලු


ෆේස්‌ බුක්‌ එකට ඇබ්බැහි වී සිටි ගාල්ල පැත්තේ හාදයෙක්‌ට ඇඩ්‍රස්‌ නැති මරණයක්‌ වූ කථාවට අමතරව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද ෆේස්‌ බුක්‌ කථාවක්‌ කියන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ තරුණ ක්‍රීඩකයන් 'කැඳ හැලි' බවට පත්වන්නට හේතුව ඔවුන් පසුවදා තරගය අරමුණු කරනු වෙනුවට තරගය පැවැත් වෙන එලිවෙන ජාමය වනතුරු ෆේස්‌ බුක්‌ එකේ සිටීම යෑයි ක්‍රීඩා

ඇමැතිවරයා කියයි. 

ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීමේදී හිමිවන අතිමහත් මුදල් සම්භාරය හමුවේ ද මේ සුහුඹුල් තරුණයන් ජීවිතය මෙන්ම තරගයද කළමනාකරණය කරගැනීමට නොහැකිව අතරමංව සිටින බවක්‌ද ඇමැතිගේ කථාවෙන් හැඟෙන්නේය.

ඉන්දියාවේදී ලද පරාජයට හේතු සොයමින් යන අතරතුර ඇමැතිවරයාට ලැබී ඇති මෙම තොරතුර සාවද්‍ය නොවේ යෑයි අප ද සිතමු.

ක්‍රිකට්‌ යනු මෙරට දේශපාලනය තරමටම සංවේදී මාතෘකාවකි. එහෙව් රටක ජාතික කණ්‌ඩායම, නැති නන්නත්තාර වන තරමටම තරග පැරදීම ජනතාව සසල කරවන්නකි. 


ඉන්දියාවේ රෝහිත් ෂර්මා ලබාදෙන 'ලොලි පොප් ' උඩපන්දු අපේ තරුණ ක්‍රීඩකයන් පල්ලේ හලාගනිද්දී, අපේ ඈයෝ ඔහේ විසිකරන පන්දු වලට ෂර්මලා හතරේ පහර දුසිම් ගණනක්‌ එල්ල කරද්දී, යාර 30 ට උඩින් පහරක්‌ ගැසීමට පණ නැතිව අපේ තරුණ ක්‍රීඩකයන් දැවී යද්දී එය ශ්‍රී ලාංකේය ජාතිය රිදවන්නක්‌ බව අමුතුවෙන් නො කිවමනා ය.

කාලකට ඉහත ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම පිටරටවලදී මදි නොකියන්නට පරදින සමයක, එයට හේතුව ලෙසින් කියවුනේ ක්‍රීඩකයන් ඔවුන් ඇරයුම් ලබන රාත්‍රි සාද වලට සහභාගී වී රැය පහන්වන තුරු නිදි නොලබා පිස්‌සු කෙළීම බවයි. 


නමුත් විනය නීති ගෙන එමින්, ඒවාට තහංචි පැනවූ කල කණ්‌ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේම රැඳෙමින් මීළඟ තරගය අරමුණු කිරීමටත්, සැලසුම් කිරීමටත් අවස්‌ථාව සැලසුණි. එහි ප්‍රතිඵලද හිමිවිය.

තමන් අද වන විට සුඛිත මුදිත වූ ජීවිත ගතකරන්නේත්, අප්‍රමාණ ජනප්‍රියත්වයක්‌ අත්විඳින්නේත් රටක්‌ නියෝජනය කිරීමේ භාරදූර කාර්යයක්‌ පැවරීම නිසා මිස ෆේස්‌ බුක්‌ එකේ 'ලයික්‌ ' වලින් නොවන බව අද සිටින සුහුඹුල් ක්‍රීඩකයන්ට කියාදී ඔවුන්ව විනය තුළ දැඩි ලෙස හික්‌මවීමට කාලය පැමිණ තිබේ.
 
Related Posts with Thumbnails