මියගිය ෆිල් හියුස් යළිත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට


ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අද ආරම්භ වු බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ සමාරම්භක අවස්ථාවේදීත් මියගිය ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ෆිල් හියුස් සිහිපත් කෙරුණා.

ෆිල් හියුස් වෙනුවෙන් සැකසුණු විශේෂ විඞීයෝවක් ද ක‍්‍රීඩා පිටියේ දැවැන්ත පුළුල් තිරයක් මත ප‍්‍රදර්ශනය කෙරුණා. ෆිල් හියුස්ගේ ටෙස්ට් හිස්වැස්මේ අංකය වන 408 අංකය  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් සියලූ

දෙනාගේ කමිසය මත සටහන් කිරීම ද විශේෂත්වයක්. 

ෆිල් හියුස්ට ගරු කිරීමක් වශයෙන් අද තරගයේ 13 වැනි ක‍්‍රීඩකයා ලෙස ඔහුගේ නම සටහන් කිරීමට ද  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණා.

මියගිය ක‍්‍රීඩකයෙකු ක‍්‍රිකට් කණ්ඩායමකට නම්  කළ  විරල අවස්ථාවක් ලෙස ද මෙය සැලකෙනවා. බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් ෆිල් හියුස් මරණයට පත්වුණේ නොවැම්බර් මස 27 වැනිදායි.

සමාරම්භක අවස්ථාවේදී මියගිය ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ෆිල් හියුස් සිහිපත් කෙරුණ ආකාරය. 


වීඩියෝව මෙතැනින්