Ads 468x60px

.

සල්ලි නෑ කියලා හිඟාකන්න බෑ, ආණ්‌ඩුවේ යුතුකම තමයි අපිට උපකාර කරන එක - ලතා කියන කතාව


නත්තල ළංවෙද්දී ඇගේ හඬින් ගැයෙන මේ ගීතිකා නිතර නිතර ඇසේ. එහෙත් ආදරණීය දියණීය පුතුන් තිදෙනා සහ මුණුබුරු මිනිබිරියෝ සමඟ නත්තල සමරන්නට ලතාට 1983 වසරේ සිට අවස්‌ථාවක්‌ නොලැබිණි. ඒ ආදරණීය සැමියාගේ වියෝව නිසාය. ඒ ධර්මදාස වල්පොල මිය ගියේද අසූතුනේ දෙසැම්බර් 25 වැනිදා නිසාය.

ඔහු වියෝවී වසර තිස්‌ එකකි. අප කලාසූරී ලතා වල්පොල ගීත කෝකිලාවිය සමග කෙටි පිළිසඳරකට එක්‌වෙමින් නත්තල ගැනත්, සංගීත ක්‍ෂේත්‍රය ගැනත් කතා කළෙමු.

නත්තල සමරන්නේ නැද්ද.......

ඒ කාලේ නම් නත්තල් කිව්වාම හරියට පිස්‌සු වගේ. කඩිමුඩියේ ලෑස්‌තිවෙනවා. ඒත් අවුරුදු තිස්‌ එකකට කලින් ඒ හැම දෙයක්‌ම අපිට අහිමි වුණා. අපේ මහත්තයාගේ වියෝව නිසා 1983 ඉඳලා අපිට

නත්තල් නෑ. නත්තල් දවසේ අපි කරන්නේ එයා වෙනුවෙන් පිංකම් කරන එකයි. මම නත්තල් සැමරුවේ නැතත් නත්තල සමරන අනෙක්‌ අයට සුබ පතනවා.

අද සංගීත ක්‍ෂේත්‍රය ගැන මොනවද හිතෙන්නේ..

කාලෙන් කාලෙට වෙනස්‌ වෙනවනේ. අපි විතරක්‌ නොවේ. මුළු ලෝකෙම එහෙම තමයි අලුත් තාලේ ළමයි ඉන්නවා. ඒ අයගේ රුචියට අනුව තමයි මේවා වෙනස්‌ වෙන්නේ අපි කෑගහලා වැඩක්‌ නෑ. 


මේවා හදන්න කෙනෙකුත් නැහැනේ. පිළියම් නෑ. ඒ වුණාට අපේ සංගීතය අගාධයට යනවා කියන එක පිළිගන්න බෑ. පැරැණි හොඳ ගී රස විඳින අය ඉන්නවා. දැන් බලන්න නන්දා මාලිනිගේ, වික්‌ටර් රත්නායක ගෙ, සුනිල් එදිරිසිංහ ප්‍රසංගවලට ඕනෑතරම් ප්‍රේක්‍ෂකයෝ ඉන්නවා.

ඔබ දැන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැද්ද?

මගේ මේ කකුලක අමාරුවක්‌ තියෙනවා. ප්‍රසංගවලට යන්න ලැබුණේ නෑ. හරියට ඇවිදින්නත් බෑ. සංගීත සංදර්ශනවලට යන්න තරම් ශක්‌තියක්‌ නෑ. ඒ වුණාට එදා වගේම අදත් නිතර නිතර රසිකයෝ කතා කරනවා. ඒක නතර කරන්න බෑනේ.

ඔබ අපේ රටේ ගීත කෝකිලාවිය. ඒත් රටේ ඒ ගැන පිළිගැනීමක්‌ තියෙනවද?

ලතා මංගේෂ්කාර් ඉන්දියාවට සම්පතක්‌. ඒත් එවැනි පිළිගැනීමක්‌ අපේ රටේ ශිල්පීන්ට නෑ. මටත් හිතාගන්න බෑ. ඒ වුණාට රසිකයා සදාකාලයටම මා සමග ඉන්නවා.

ප්‍රසංගවලට යන්නෙත් නැත්නම් ඔබට ජීවත්වෙන්න ආදායම් මාර්ගයක්‌ තියෙනවාද?

මගේ ළමයින් හතර දෙනා ඉන්නවා. කෑම විතරනේ.... බෙහෙත් හේත් කරන්නත් තියෙනවා. ඒත් ඉතින් කියන්න කෙනෙක්‌ නෑ. රජය පළි නැහැනේ අපිට යන කල දසාව අපිම බලාගන්න ඕනෑ. අපි රටට, රටේ සංගීත ක්‍ෂේත්‍රයට යමක්‌ කළා නම් ඒ සඳහා ප්‍රතිඋපකාර කළ යුතුයි. 


ඒත් ඒවා බලහත්කාරයෙන් ලබාගන්න බැහැ. බබ්බු නොවෙයිනේ. බේත් හේත් කරන්න සල්ලි නෑ කියලා හිඟාකන්න බෑනේ. ආණ්‌ඩුවේ යුතුකම මයි අපිට උපකාර කරන එක.
 
Related Posts with Thumbnails