Ads 468x60px

.

සංගක්කාර දේශපාලනයට එන කතාවේ ඇත්ත නැත්ත මෙන්න - කමල් හා ඕෂධීත් මහ මැතිවරණයේදී තරඟ බිමට


ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් ක්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාරද දේශපාලනය පිවිසෙන බවට මේ වන විට සමාජය පුරා දැඩි කතාබහක් පවතිනවා.

මේ පිළිබඳව ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවන තොරතුරු අනුව පෙනී යන්නේ ඔහු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීම සම්බන්ධව ටික කලකට පෙර සිටම සාකච්ඡා පැවැත්වෙමින් තිබූ බවයි.

කුමාර් සංගක්කාර තවමත් මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් හෝ තීරණයක් ලබා දී නොමැති බවත් මෙම සාකච්ඡා ලෝක කුසලානයට

පෙර ආරම්භ වූ සාකච්ඡා බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් සංගක්කාරගේ පාර්ශවයෙන් ප්‍රකාශකර ඇත්තේ ලෝක කුසලාන තරඟාවලිය අවසන් වන තුරු ඔහු දේශපාලනයට සම්බන්ධ වීමට කැමැත්තක් නොමැති බවයි. එමෙන්ම ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වන්නේ සංගක්කාර විසින් ලෝක කුසලානය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති නිසා දේශපාලනය සම්බන්ධයෙන් සිතීමට කාලයක් අවශ්‍ය බවයි.

ඉහත සාකච්ඡා වලදී සංගක්කාරට කොළඹ, මහනුවර, කෑගල්ල හෝ මාතලේ යන දිස්ත්‍රික්ක වලින් එකකින් තරඟ වදින ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නැත. 


කෙසේ නමුත් මේ වන විට සංගක්කාරගේ පවුලේ සාමාජිකයින් හා ඉහළ පෙලේ දේශපාලකයින් අතර ඇතිවූ සාකච්ඡාවලදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට වැඩි අවධානයක් යොමු කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ නමුත් සංගක්කාර මේ පිළිබඳ ස්ථීර තීරණයක් තවමත් ගෙන නොමැති අතර මහනුවරින් තරඟ වැදුනහොත් ඔහුට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිවනු ඇති බවයි අභ්‍යයන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


කමල් හා ඕෂධී මහමැතිවරණයේදී තරඟ බිමට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප‍්‍රධාන පක්ෂ දෙකෙන් තරඟ කිරීම සඳහා ජනපි‍්‍රය නළු නිළියන් රැසක් සූදානමින් සිටින බවට වාර්තා වනවා.

මේ අතරට ප‍්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි සහ  ඕෂධී හේවාමද්දුමගේ නම් ඉදිරියෙන්ම ඇති බවයි වාර්තා වන්නේ.

කමල් අද්දරආරච්චි එජාපයෙන් සහ  ඕෂධී හේවාමද්දුම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ බිමට එළඹීමට බොහෝදුරට ඉඩ ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ. මීට අමතරව ඉදිරි මහ මැතිවරණයේදී තවත් නවක මුහුණු රැසක් තරඟ බිමට එළඹීමට සූදානමින් සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේ.
 
Related Posts with Thumbnails