Ads 468x60px

.

ඔබත් සඳුදා කොළඹ එනවාද? - සංගා වෙනුවෙන් ජන රැල්ලක්


ලන්ඩනයේ හිතෲ ගුවන් තොටුපලේ දී ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට එහි නිලධාරියෙකු සිදුකළ බව කියන අපහසුතාවට එරෙහිව කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට විරෝධය පළ කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් තීරණය කර තිබෙනවා. 

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පැවසුවේ ලබන සඳුදා මෙම විරෝධතාව සිදුකරන බවයි.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ලන්ඩනය බලා ගිය අවස්ථාවේ හිතෲ ගුවන් තොටුපලේ දී තමන් පීඩාවට පත්වු බව

පවසමින් කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. එහි වැඩිදුරටත් දැක්වුණේ ගුවන් තොටුපලේ සිිටි ආගමන විගමන නිලධාරීයෙකුගේ ක්‍රියාකලාපය ඊට හේතුවු බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ කුමාර් සංගක්කාර මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුවත් කර නොමැති බවයි. 


ඔහු නිල දැනුම් දීමක් සිදුකළ හොත් අදාල සිද්ධිය  පිළිබඳ සොයා බලන ලෙස එංගලන්ත ක්‍රිකට් බලධාරීන් දැනුවත් කළ හැකි බවයි ඈෂ්ලි ද සිල්වා මහතා අප වෙත කියා සිටියේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය පැවසුවේ සිය නිලධාරීන් සැම විටම ආචාරශීලී ලෙසත්, සුහදශීලී ලෙසත් කටයුතු කළ යුතු බවයි. 


කුමාර් සංගක්කාරගෙන් ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු වහාම ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
 
Related Posts with Thumbnails