Ads 468x60px

.

ලන්ඩන් ගුවන් තොටුපළේදී සංගාට අවුලක්‌


පෙරේදා (9 දා) රාත්‍රි ලන්ඩන් ගුවන්තොටුපළේදී බ්‍රිතාන්‍ය ආගමන නිලධාරියකුගේ අවිනීත ක්‍රියා කලාපය නිසා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලන්ඩන් හීතෘ ගුවන්තොටු පොලේදී පීඩාවට පත්ව තිබෙනවා.

සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දෙන්නේ ගුවන් තොටුපොළේ සිටි ආගමන විගමන නිළධාරීන්ගේ ක්‍රියාකලාපය
හේතුවෙන් තමන්ට මෙම තත්වය උදාවූ බවයි. වසර 15ක් තිස්සේ තමන් එංගලන්තයට පැමිණෙන නමුත් මෙවැනි සිදුවීමක් කිසිදිනෙක තමන් අත්විද  නොමැති බව සංගක්කාර සිය ට්විටර් ගිනුමෙන් පෙන්වා දී තිබෙනවා. 

ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සිටීම තමන් පිළිගන්නා නමුත් එම කටයුතුවලදී ආචාරශීලීව කටයුතු කිරීම වැදගත් බවයි සංගක්කාර සිය ට්විටර් ගිණුම මගින් පෙන්වා දී ඇත්තේ. 

සංගක්කාර එංගලන්තයට පැමිණ සිටින්නේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහායි. සංගක්කාරගේ ට්විටර් සංවාදය පහතින්.






 
Related Posts with Thumbnails