Ads 468x60px

.

සිසුවියක් නිරුවත් කර ෆොටෝ ගත් සිසුන් අතර කෘෂි පීඨ සිසුන් ඉඳලා නැතිලු...!


කළුගමුව පිගන් සංස්ථාව පාරේ ඇති ඔයේ දියනෑමට පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක් නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200 ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාර දුන් පුවතක් ඊයේ දිනයේ (28) අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සිද්ධියට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන්ගේ
සම්බන්ධයක් නොමැති බවයි.

මේ පිළිබඳව තව දුරටත් අප කළ සොයා බැලීමකදී පේරාදෙණිය පොලිසිය සඳහන් කළේ පොලිස් භාරයට පත්වූ පිරිස අතර, විද්‍යාපීඨ සිසුන් සහ කෘෂිකර්ම පීඨයේ ආදී සිසුවකු බව පැවසූ අයෙකු සිටි බවයි.


බීමත්ව සිටීම හැර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සාක්ෂි නොමැති බැවින් අදාල පුද්ගලයින්ට අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම විශ්ව විද්‍යාලයට භාරදුන් බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

අරක්කු බෝතල් 2 ක්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන තිබෙනවා. ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණා.

ඒ පිළිබඳව කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය සංගමය නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.



හෙළු පින්තූර ගනිමින් පිස්සු කෙළිය පේරාදෙණි සරසවි සිසුසිසුවියන්ට මොකද වුනේ - ඇත්ත කතාව
 
Related Posts with Thumbnails