Ads 468x60px

.

'තාජුදීන් සමඟ මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ' - යසාරා සිය හඬ අවදි කරයි!


රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය ස්වාභාවික  අනතුරක් නොව මිනීමැරුමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ යට දැනුම් දීමෙන් පසු ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්වයන් නිසාම 'යසාරා අබේනායක' යන නමද මේ දිනවල නැවතත් කරළියට පැමිණ ඇත.

ඒ නිසාම යසාරා අබේනායක මෙනෙවිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම වසරේ ජනවාරි මස 15 වනදා ලබා දුන් ප්‍රකාශය අඩංගු ප්‍රවෘත්තිය නැවත පල කිරීමට අපි තීරණය කළෙමු. පහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයයි.

"2012 වසරේදී රිය අනතුරකින් මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් සමඟ තමාගේ කිසිඳු සම්බන්ධතාවක් නොතිබූ බවද කිසි දිනෙක එම ක්‍රීඩකයා ව මුණ ගැසී හෝ නොමැති බවද යසාරා අබේනායක මෙනෙවිය පවසා
සිටියා ය.

මාධ්‍ය වාර්තා වලට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය හා CSN නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ යසාරා අබේනායක මෙනෙවිය මේ බව පැවසුවේ වසීම් තාජුදීන්ගෙ මරණයට හේතුව ඇය අතර තිබූ 'සම්න්බන්ධයක්' හේතුවෙන් බව කියැවෙන ප්‍රවෘත්ති මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමිනි.

අදාළ සිද්ධියට තම නම සම්බන්ධ වූවේ කෙසේද කියා හෝ තමන් නොදන්නා බව පවසා සිටින අබේනායක මෙනෙවිය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඔහුගේ මතකය හා තමාගේ ආත්ම ගරුත්වය කෙලෙසා දැමීමට ඇතැමුන් ක්‍රියා කරන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියාය.

එමෙන්ම කිසිදු පදනමක් නොමැති හා විකෘති කරන ලද මෙවන් පුවත් පළකිරීමෙන් වැළකී සිටින ලෙස වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් තමන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කර සිටියාය."
මුල් පුවත,


 
Related Posts with Thumbnails