Ads 468x60px

.

වාහන ගන්න හිතාගෙන ඉන්න අයට සුබ පණිවිඩයක්


ගමනක් බිමනක් යනකුට අපේම කියලා වාහනයකින් යන්න තියෙනවා නම් ඒක කොච්චර හොඳයිද කියලා හිතෙනවාර අනන්තයි. ඒක අපි හැමෝම දන්නා දෙයක් වගේම හැමෝටම දැනෙන දෙයක්. 

එහෙම කියාගෙන කතාව පටන් ගන්න හිතුවේ වාහනයක් ගන්න හිතාගෙන ඉන්න අයට ලොකු සහනයක් දැනෙන දෙයක් ගැන
කියන්නයි.  පහුගිය කාලයේ නම් වාහන මිල ගණන් ලොකුවට කතා වුණා. ඒ වාහන මිල ආයෙමත් වැඩි වුණා කියලා. ඒ වගේම වාහන නිසා නාගරාසන්නව හටගෙන ඇති තදබදය ගැනත් ගොඩාක් කතාවට ලක්වුණා.

කොහොම කොහොම හරි අද මුදල් අමාත්‍යංශයෙන් ලැබුණු ඒ සුබආරංචිය වැඩිදුරටත් පහත පරිදි ඔබගේ දැන ගැනීම  පිණිස පළ කරනවා.

වාහන මිල දී ගැනීමේ දී 90%ක් දක්වා කල්බදු පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අද සිට පාරිභෝගිකයන්ට හිමිවෙයි. ඒ අනූව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඊට අදාළ නිල දැනුම්දීම රජයේ සහ පෞද්ගලික අංශයේ වාණිජ බැංකු වෙත අද (29) නිකුත් කිරීමට නියමිතය.

100%ක් කල්බදු පහසුකම් ලබාදීම 2015 සැප්තැම්බර් මස 15 දා සිට අත්හිටුවනු ලැබීය. එදින නිකුත් කළ චක්‍රලේඛයට අනුව වාහනයක් මිල දී ගැනීම සඳහා එතෙක් තිබූ 100% කල්බදු පහසුකම් ලබා ගැනීමේ හැකියාව 70% දක්වා පහළ දමනු ලැබිණි.

එහෙත් එමගින් මෙරට වෙළෙඳපොළට ඇති විය හැකි  අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් එම සීමාව 90% දක්වා යළි ඉහළ නැංවීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා පසුගිය දා තීරණය කළේ ය. ඒ අනුව මීට අදාළ නිල දැනුම්දීම ශ්‍රී ලංකා මහ බැංකුව මගින්, සියලු වාණිජ බැංකු වෙත අද (29) නිකුත් කෙරෙනු ඇත.
 
Related Posts with Thumbnails