Ads 468x60px

.

රුවන්ගි ඇන්ද ඇඳුම අයින් කරලා - සමහරු ඒක අඳිනවලු...!


එක්තරා උත්සවයකට ඇඳපු ඇඳුමක් නිසා රුවන්ගි රත්නායක සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වඩාත් කතා බහට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් රුවන්ගි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඒ ඇඳුම ඉවත්කර ඇතත් තවමත් සමහරු එය ඇඳගෙන සිටින බවයි.

"ඔය ආන්දෝලනය ඇතිවුණේ   ෆේස්බුක් හරහා. ඒත් මම ෆේස්බුක් එකේ නැති හින්දා මම ඒවා දැක්කෙ නැහැ.ඒ ඇඳුම මට නුසුදුසු නැහැ. මමම තෝරාගත් ඒ විලාසිතාවේ වරදක් නැහැ. මම ඉන්නේ එම මතයේ

වීම හින්දා මට ඔය චෝදනා වැදගත් නැහැ.

මම සාමාන්‍යයෙන් එක ඇඳුමක් අඳින්නේ එක උත්සවයකට විතරයි. ඔය ඇඳුම උත්සවයකට ඇන්දා. ආයේ කවදාවත් ඒක අඳින්නේ නැහැ. මම දැන් ඒ ඇඳුම ඉවත්කරලා. හැබැයි තවමත් සමහරු ඒක ඇඳගෙන ඉන්නේ." යැයි රුවන්ගි සඳහන් කර තිබුණා.

මේ අතරේ රුවංගිගේ පෙම්වතාත් පසුගියදා පැවති උපන්දින සාදයට එක් වුණා කියලා ඇතැම් මාධ්‍ය සඳහන් කරලා තිබුණා.ඒගැනත් රුවන්ගි පිළිතුරු දෙන්න අමතක කරලා තිබුණේ නෑ.

"ඒක බොරු ආරංචියක් ඒ මගෙ පෙම්වතා නමෛයි. හොඳම යාළුවගෙ අයියා. දැනට ආදරය කරන කෙනෙකුත් නැහැ. එහෙම කෙනෙක් හමුවුණ දාට විවාහය ගැන හිතනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒ ප්‍රවෘත්තිය මමම කතා කරලා  කියන්නම්."


 

 
Related Posts with Thumbnails