Ads 468x60px

.

ගැහැණු වගේ පිරිමින් සඳහා යටඇඳුම් හදන්නේ ලංකාවේ...!


පැහැදිලි ලිංගික හදුනා ගැනීමක් නොමැති වූවන්ට ලෝක අවධානය යොමුවීමේ පුවත් මින් ඉහතත් අප ඉදිරිපත් කළා. සමාජයේ විවිධ කොන්කිරීම් වලට ලක්වුවත් ඔවුන්ද මිනිසුන්ය. ඔවුන්ටද ඇඳුම් පැළඳුම් අවශ්‍යතා තිබේ.

ලෝකයේ ප්‍රසිදධ කාන්තා යට ඇදුම් අලෙවි කරන වෙළද නාමයක් වන Thinx එම ක්සේත්‍රයේ පෙරමුණ ගත්තකි. ඒ සදහා ඇදුම් නිපදවන්නේ

ලංකාවේ ඇගලූම් කර්මාන්ත ශාලා තුල බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකිය.

මෙම Thinx වෙළද නාමය නව නිෂ්පාදන වෙළදපලට ගෙන ඒමට නිරතුරුවම උත්සාහ කරන අතර ඔවුන් විසින් කාන්තාවන්ගේ ආර්තව අවශ්‍යතා අනුව විශේෂිත යට ඇදුම්ද නිෂ්පාදනය කර ඇත.


මෙම නිපැයුම වෙළදපලට නිකුත්වීමෙන් අනතුරුව Thinx හා ප්‍රධාන විධායක නිළධාරිනිය වන Miki Agrawal හට ලැබුනු ප්‍රතිචාරයන් පිලිබද ඇය සදහන් කරනුයේ ලැබුනු ප්‍රතිචාර අතර පැහැදිලි ලිංගික හදුනා ගැනීමක් නොමැති පිරිමි පුද්ගලයින්ගේ ප්‍රතිචාරද වූ බවයි.


 එම ලැබුනු ප්‍රතිචාර බොහොමයක සදහන්ව ඇත්තේ පැහැදිලි ලිංගික හදුනා ගැනීමක් නොමැති  පිරිමි පුද්ගලයින්ටත් ආර්තව චක්‍රය ක්‍රියාකරන බවත් ඒ නිසා ඔවුන් සදහාද විශේෂිත වූ යට ඇදුම් නිර්මාණය අවශ්‍ය බවයි.


මේ පිලිබදව යම් සොයා බැලීමක් සිදුකල Miki Agrawal විසින් තීරනය කර ඇත්තේ පැහැදිලි ලිංගික හදුනා ගැනීමක් නොමැති පිරිමි පුද්ගලයින් සදහාද ආර්තව චක්‍රය ක්‍රියා කරන කාලයට උචිත යට ඇදුම් නිර්මාණයටයි. මෙම යට ඇදුම්ද ලංකාවේ ඇගලූම් නිෂ්පාදන කර්මාන්ත ශාලා තුල නිපදවන බව වාර්තා වනවා.


 
Related Posts with Thumbnails