Ads 468x60px

.

ජනප්‍රිය නිළියක් මහ රෑ පාර්ලිමේන්තු බාධක කඩාගෙන යයි - නිළියගෙන් ඇමතිට ඇමතුමක්!


ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක පදවාගෙන පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ඊයේ (23) අලුයම පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වන ප්‍රධාන දොරටුව හරහා ගමන් කර එහි යොදා තිබූ ආරක්ෂක බාධක කිහිපයකටද අලාභ හානි කරමින් අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ජනප්‍රිය නිළියක් මෙසේ අනතුරට මුහුණ පා ඇති අතර ඇය පෙරේදා (22) රාත්‍රි ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා ගොස් ආපසු එන ගමනේදී ඇගේ යෙහෙළියක නිවෙසට ඇරලවා ආපසු යමින් සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇය පදවාගෙන පැමිණි මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ‍දොරටුව රාත්‍රි

කාලයට වසා තිබෙන ප්‍රධාන මාර්ග බාධක කඩාගෙන මීටර් 30ක් පමණ ඉදිරියට ගොස් ඇති බව පාර්ලිමේන්තුව පොලිසියේ ආරංචි මාර්ග පවසයි.

මේ අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර ටෙලි නාට්‍ය නිළියට තුවාල සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

එම අවස්ථාවේදී එම නිළිය තම ජංගම දුරකතනයෙන් තරුණ කැබිනට් ඇමතිවරයකුට කතා කර අනතුර පිළිබඳ දැනුම් දී ඇති බවද වාර්තා වේ.

එම අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසියද ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර පොලිසිය භාරයට ගත් ඇගේ මෝටර් රියේ තිරිංග පරීක්ෂාව සඳහා මෝටර් රථ පරීක්ෂකයකු කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අනතුරක් වළක්වා නොගැනීම, රජයේ දේපළකට හානි කිරීම යන චෝදනා යටතේ ඒ පිළිබඳ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවද තලංගම පොලිසිය පැවසී ය.
 
Related Posts with Thumbnails