Ads 468x60px

.

පැරිස් ප්‍රහාරයෙන් Hotel California ගීතය හරහා ලොව පුරා ජනප්‍රියත්වයට පත් “Eagles” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් මරුට (ඡායාරූප)


පසුගිය දිනයේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවේදී වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ පැරිසියේ Le Bataclan රංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ දීය. එම අවස්ථාවේ දී ප්‍රසංගය සඳහා එක් වී සිටියේ Eagles of Death Metal සංගීත කණ්ඩායමයි.

බොහෝ මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණේ සුප්‍රකට Eagles සංගීත කණ්ඩායම මේ අවස්ථාවේ දී ප්‍රසංගයට එක් වී සිටි බවයි. Eagles යනු

මීට දශක කිහිපයකට පෙර Hotel California ගීතය හරහා ලොව පුරා ජනප්‍රියත්වයට පත් සංගීත කණ්ඩායමයි.

එහෙත් පැරිසියේ Le Bataclan රංග ශාලාවට ප්‍රහාර එල්ල වන විට එහි පැවති සංගීත ප්‍රසංගය සඳහා එක්ව සිටියේ Eagles of Death Metal සංගීත කණ්ඩායමයි. Eagles of Death Metal යනු 1998 වසරේ දී ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා හිදී ආරම්භ කරන ලද රොක් සංගීත කණ්ඩායමකි.

කෙසේ වෙතත් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් Eagles of Death Metal සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ 36 වියැති නික් ඇලෙක්සැන්ඩර් ද මරුමුවට පත්ව තිබේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී 1,500 කට අධික පිරිසක් මෙම ප්‍රසංගය නැරඹීම සඳහා Le Bataclan රංග ශාලාවට එක් වී සිටි බව වාර්තා වේ.

ඡායාරූපය – මරුමුවට පත්වූ Eagles of Death Metal සාමාජික නික් ඇලෙක්සැන්ඩර්


 
 
Related Posts with Thumbnails