Ads 468x60px

.

ලැජ්ජාවට කාටවත් නොකියන කාන්තාවන්ට තියෙන ලෙඩක්..

ලොව පුරා කාන්තාවෝ මිලියන ගණනක් මූත්‍රා පහ කිරීම පාලනය කරගත නොහැකි වීමේ ගැටලුවකට මුහුනදී සිටියි. 

මෙසේ වැඩිහිටි කාන්තාවන්ට නිරායාස යෙන් මූත්‍රා පිටවීම බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් බවට පත්ව තිබේ. 

මෙය මෙම කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධ ගැටලුවක් වන අතරම සමාජයීය වශයෙන්ද එදිනෙදා කටයුතුවලදී ප්‍රබල ලෙස බලපායි.

එසේ වුවද බොහෝ කාන්තාවෝ මේ තත්ත්වය හෙළි නොකරන අතරම ප්‍රතිකාර සඳහා යොමු වන්නේද නැත. බොහෝ දෙනෙක් මෙම තත්ත්වය සඟවා තබා ගනිති. එක්සත් ජනපදය ගණනය කිරීමකට අනුව අවම

වශයෙන්ව කාන්තාවන් මිලියන 10ක් මෙම තත්ත්වයෙන් පීඩා විඳියි. 

කාන්තාවන් ගේ මූත්‍රා පද්ධති පිළිබඳ අධ්‍යයනය කරන ආසියානු සංගමයේ ගණනය කිරීම අනුව ඉන්දියානු කාන්තාවන් අතුරෙන් 12 ප්‍රතිශතයක් මේ තත්ත්වයට ලක්වී සිටිති.

මූත්‍රා පිටවීම පාලනය කරගත නොහැකිවීම කාන්තාවන් අතර මෙතරම් සුලබ තත්ත්වයක් වුවත් කිසිවකුත් මේ පිළිබඳව කතා නොකරයි. මේ පිළිබඳ සිදුකරන ලද අධ්‍යයනයන් මගින් වයස් ගත වීමත් සමග කාන්තා වන්ට වැලඳෙන සාමාන්‍ය තත්ත්වයක් ලෙස කාන්තාවන් 58ක් විශ්වාස කරන බව හෙළිවී තිබේ. 


මේ සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරුන් වෙත යොමුවී ඇත්තේ 40ටත් වඩා අඩු කාන්තාවන් පිරිසකි. එනම් එය අසාමාන්‍ය තත්ත්වයක් යන්න පවා බොහෝ දෙනකු නොදනිති.

මිලියන ගණනක් කාන්තාවෝ නිහඬව මේ අපහසුතාව විඳදරාගෙන දිවි ගෙවති. මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන්නේ එදිනෙදා ජීවන කටයුතු කෙරෙහිය. විවිධ වැඩ කටයුතු පාලනය කිරීමට මෙම
තත්ත්වය හේතු වෙයි. වැඩ කටයුතුවල නිරත වී සිටින අතරතුර නිතර නිතර වැසිකිළියට යාමට සිදුවෙයි.


ලිංගික කටයුතු ආදියට බලපෑම් සිදුවෙයි. නින්දට බාධා ඇති වෙයි. මේ අනුව බලන කල මූත්‍රා පිටකිරීම පාලනය කර ගැනීමට නොහැකි වීම ජීවිතයේ සියලු ක්‍රියා සඳහා බාධා ඇති කරයි.

මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර ඒ සඳහා බලපාන හේතු ගණනාවකි. ඒ අතුරින් ප්‍රධාන හේතු දෙකකි.


* මූත්‍රාශයේ අස්ථායිතාව
* මූත්‍රා මාර්ගයේ පවතින දුබලතා

එසේම මූත්‍රා පිටවීම පාලනය කර ගැනීමට නොහැකිවීම සඳහා බලපාන තවත් හේතු කාරක ලෙස දුර්වල පේශීන්, දරු උපත්, අඩු ‍පෝෂණය, ශරීරයට ලබාදෙන දියර ප්‍රමාණය, ස්ත්‍රීන් සඳහා පමණක් කරනු ලබන ශල්‍යකර්ම, මූත්‍රා මාර්ගයේ ආසාදන, සුෂුම්නාවේ තුවාල ඇතිවීම සහ ඇතැම් හැඟීම් ආදිය පෙන්වා දීමට පුළුවන. එසේම කලක් තිස්සේ පවතින මල බද්ධය, සමහර ඖෂධ වර්ග ආදියද මේ සඳහා බලපෑ හැකිය.

විවිධ ක්‍රියාකාරකම්වලදී ඇති වන අභ්‍යන්තරික පීඩනයන් නිසා නිරායාසයෙන් මූත්‍රා පිටවීම සිදුවෙයි. කැස්ස, සුසුම් හෙළිම, සිනාසීම ඒ අතුරින් ප්‍රධාන වෙයි. එසේම මෙම තත්ත්වයට ගොදුරු වූ කාන්තාවන්ට
ක්‍රීඩාවල නිතරවන විට නැවෙන විට, වාඩි වී සිට නැගිටින විට, බර ඔසවන විට, මූත්‍රා පිටවීමට පුළුවන.

නිසැක වශයෙන්ම කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වී සිටීද යන්න දැන ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණයට යොමු විය යුතුයි. මෙම තත්ත්වයට ගොදුරු වී ඇතිවිට කැෆේන් අඩංගු පානවර්ග, විවිධ රස
ගැන්වූ ආහාර වර්ග නොගැනීම වඩාත් සුදුසු වේ. නමුත් මූත්‍රාශයේ සිදුවන ගැස්ම අඩු කිරීමට චොක්ලට් උදව් වන බව අනාවරණය වී ඇත.

මූත්‍රා පිටවීම පාලනය කරගත නොහැකි තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීමට විවිධාකාර ප්‍රතිකාර ක්‍රම ඇත. එහිදී මූත්‍රාශයේ කාර්යය සඳහා උපකාර වන කෘත්‍රිම උපාංගයක් සවි කිරීම එක් ප්‍රතිකාරයකි. 


නමුත් එය තාවකාලික විසඳුමකි. තවද මූත්‍රා පද්ධතියේ පේශීන් නිසි පරිදි ක්‍රියා කරවීම සඳහා කළ හැකි ප්‍රතිකාර ක්‍රමද ඇත. එසේම මේ සඳහා ශල්‍යකර්මයක් කිරීම මගින්ද සහනය සලසා ගත හැකිය. මෙම ශල්‍ය කර්මයේ සාර්ථකත්වය 80ක් 95ක් අතර වේ. එය වසර නවයකටත් වඩා කාලයක් සඳහා සහනය ලබාදෙයි.

මෙසේ මූත්‍රා පිටවීම පාලනය කරගත නොහැකි වීම බහුලව පවතින තත්ත්වයක් වුවද බොහෝ කාන්තාවන් එය හෙළි කිරීමට අකැමැතිය. නමුත් එය සඟවා තැබිය යුතු නැත. එය සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා පීඩා විඳිය යුතුද නැත. ඒ සඳහා ප්‍රතිකාර ඇත. තමාට අවශ්‍ය ප්‍රතිකාරය තෝරා ගැනීමට වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය වේ.


- අයේෂිකා රාජසූරිය
 
Related Posts with Thumbnails