Ads 468x60px

.

අතුරුදන් තරුණියගේ සිරුර මාමාගේ නිවසට ආසන්න කැලෑවක...


ඇගලුම් කම්හලේ සේවය නිමවි නිවස පැමිනෙමින් සිටි තරුණිය දුෂණය කර මරා දමලා මහියංගන ෂේඩ්ලයින් ඇගලුම් ආයතනයේ සේවය නිමවී
නිවෙස් බලා පැමිණෙමින් සිටි වයස 18ක වන තරුණියක් රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේදී ලදු කැලයකට රැගෙන ගොස් දුෂණය කර ඊයේ (01) සවස මරා දමා ඇත.

මෙසේ දුෂණය කර මරා දමා ඇත්තේ වේවත්ත, කන්නල්කුඹුර, අංක 08 නිවසේ පදිංචිව සිටි වයස 18ක් වන බස්නායක මුදියන්සේලාගේ රම්‍යා විදර්ශනී අබේවර්ධන නම් තරුණියකි.

රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කුරාලේ වෙල වසමේ අලුකැටියාව තේක්ක ගොවි වන වගාව තුල මෙම තරුණිය මරා දමා සිටියදී අද උදැසන ගම්වාසින් විසින් සොයාගෙන ඇත.

මිට මාස 3කට පෙර සිට ඇගලුම් කම්හලක සේවය කිරිම සදහා රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ තම මවගේ සහෝදරයාගේ නිවසට පැමිණ ඇති අතර එහි සිට ඇගලුම් කම්හලේ සේවය සදහා ගොස් ඇත.

ඊයේ ඇගලුම් කම්හලේ සේවය නිමවි සවස නිවසට නොපැමිනිම හේතුවෙන් මාමා ඇතුලු නිවෙස් හිමියන් හා ගම්වාසින් ප්‍රදේශය පුරා රම්‍යා සොයා ඇති අතර මාමාගේ නිවසට ආසන්න කැලෑ කුට්ටිටක් අද්දර ඇයගේ ජංගම දුරකතනය හා කුඩය වැටි තිබෙනු දැක ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කර ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේවන තුරු සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමට පොලිසියට නොහැකි වී ඇත. මහේස්ත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ අද සිදු කිරිමට නියමිතයි




 
Related Posts with Thumbnails