Ads 468x60px

.

කරාබුවක් දාගෙන හිටියට පිරිමියෙක් නපුංසකයෙන් වෙන්නේ නෑ...!

කරාබු.. කරාබු කිව්වම මුලින්ම මතක් වෙන්නෙ ගෑනු ළමයි නේ.. ඒ ඉතින් එදා සිට අද දක්වා කැමැත් තෙන් හෝ අකමැත්තෙන් ගෑනු ළමයිට කන විදලා කරාබු දාපු නිසා

ඒත් young generation එක වෙනසක් නැතිව දෙපාර්ශ්වයම කරාබු දානවා ඔබ දැකලා ඇති.

ඒ වගේම කරාබු දාලා යන කොල්ලන්ට අනන්තවත් බණින වත් ඔබ අහලා ඇති.. ඒක අපේ ඉතින් සංස්කෘතික පප්පලා ගේ හැටිනේ

කරාබු පැළඳීම කියන්නෙ ඉතිහාසයේ පැරණිම ආභරණ භාවිතාවක්.. වෙනසක් නැතුවම ඉතිහාසයේ නම් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම කරාබු පැළඳීම කරලා තියනවා.. 

ඉන්දියාව, ශ්‍රීලංකාව, නේපාලය ආදී බොහෝ ආසියානු රටවලත් අප්‍රිකානු ගෝත්‍රවලත්,ලස්සන ඒවගේම ප්‍රමාණයෙන් විශාල කරාබු පැලැඳීම කරලා තියනවා.. අදටත් බොහෝ රටවල්වල පොඩි ගැහැනු
ළමයිට කරාබු පලඳින එක උත්සවාකාරයෙන් පවත්වන්න තරම් කරාබු මිනිස් ජීවිතවලට බැඳිලා තියනවා..

කොහොම වුණත් විලියම් ශේක්ෂ්පියර්ගේ ඉඳලම ජනප්‍රිය ක්‍රීඩකයෝ, ගායකයො සහ නළුවො කරාබු පලඳිනවා විලාසිතාවක් විදියට.. ජනප්‍රිය සංස්කෘතියෙ ඉඳලා මේක සාමාන්‍ය ජනතාව අතරට එද්දි තමයි පිරිමි ළමයි කරාබු පැලඳීම ගැන විශේෂ කතාබහක් මතුවෙන්නෙ..

ඉතිහාසයේ පිරිමි කරාබු පැලඳීමක් සිදු කළාට ඊට පස්සෙ ඒක ටික ටික අඩුවෙලා ගිහින් කරාබු කාන්තාවන්ගේ බූදලයක් වුණා.. නමුත් ආයෙමත් 1960 ගණන්වල හිපි සහ gay ප්‍රජාව අතරේ තනි කරාබුවක් පැලඳීම විලාසිතාවක් සහ හඳුනාගැනීමේ සලකුණක් විදියට එළියට ආවේ..


නමුත් ඊට කලින් ඉඳලම නාවිකයන් කරාබු පැලඳීම කළත් ඒ ගැන වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වුණේ නැහැ . ඔන්න ඔය කතාව නිසා තමයි අදටත් කොල්ලෙක් කරාබුවක් පැලැඳගෙන ගියොත් එක එක කතන්දර කියන්නෙ..කොහොම වුණත් 1990 ගණන්වලදි තමයි අමෙරිකාවෙන් පටන් ගන්න මේ පිරිමි පාර්ශ්වය කරාබු පැලඳීමේ trend එක ලෝකය පුරා පැතිරී යන්නෙ...

කරාබු විවිධ අමුද්‍රව්‍ය වලින් හදනවා, ඒ කියන්නෙ විවිධ ගල්වර්ග, ලී, අස්ථි සහ ලෝහ (රත්තරන්,රිදී,ලෝකඩ,ප්ලැටිනම්) වලින්.. ඒ වගේම කරාබුවල හැඩතලත් විවිධයි.. girls ලා වගෙ නෙවෙයි boys ලා අතරෙ ගොඩක් ප්‍රචලිත පොඩි බෝලයක් වගේ තියන කරාබුව.. 


ඒ වගේම girls ලා එල්ලෙන කරාබු ආදී විවිධ කරාබු පැලඳුවත් විශේෂයෙන් රත්තරන් කරාබුවලට වැඩි රුචිකත්වයක් තිබුණත් boys ලා පොඩි , සිල්වර් කරාබුවලට තමයි වැඩි නැඹුරුවක් තියෙන්නෙ.. ඒ වගේම girls ලා වගේ කන් දෙකටම නෙවෙයි එක කනකට කරාබුවක් පලඳින්න තමයි boys ලා පුරුදු වෙලා ඉන්නෙ..

අනිත් කාරණය සාම්ප්‍රදායිකව කන්පෙත්තේ යටම කොටසේ කරාබු පැලඳුවට, කනේ විවිධ ස්ථාන වල කරාබු පලඳිනවා... කන්පෙත්තෙ ඉහළ කොටසේ වගේම මැද හරියේ ආදී ස්ථාන වල කරාබු පලඳිනවා වගේම ඒවට විවිධ තේරුම් තියනවා.. සමහර අය ඔය මොනවත් දන්නෙ නෑ. ඔය කොහෙන් හරි කන විදගෙන කරාබු දානවා.. ඒ නිසා ඕනෑම විලාසිතාවක් හොයලා බලලා කරන්න...

කරාබු පැලඳීම ලස්සන විලාසිතාවක් වගේම ඒ සඳහා කන විදීමෙදිත් පරිස්සම් වෙන්න ඕන...මේ දේවල් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා කරගන්න තරමට හොඳයි.. මොකද ඒවයේ අතුරු ප්‍රතිඵල මොනවාද කියන්න අපි දන්නෙ නෑ නේ.. ඒක වැදගත්ම කරුණක්... හැමදේටම වඩා තමන්ගේ ආරක්ෂාව වැදගත්නේ..

අනිත් කාරණය තමයි ඕනෑම විලාසිතාවක් සමාජගත වෙද්දී ඒකට ප්‍රතිවිරුද්ධ අය ඒ ඒ සමාජ අනුව ඉන්නවා. අපේ ශ්‍රී ලංකාව ඇතුලේ ඒ වගේ අය බහුතරයක් ඉන්නවා.. කවුරු හරි ඔබ පිරිමි ළමයෙක් විදියට කරාබු පලඳින එක විවේචනය කරනවා නම් එයාලට රාවණා රජතුමාගේ ඉඳන් ඉතිහාසයේ කරාබු පැලඳගෙන ඉඳපු රාජාවලියම ගැන විස්තරයක් කියලා දෙන්න.. 


ඊළඟ කාරණය කරාබුවක් පැලඳගෙන හිටියා කියලා පිරිමි ළමයෙක්, නපුංසක වෙන්නෙ නෑ.. පිරිමි පෞරුෂය තියන ගෑණු වැඩ නොකරන කෙනෙක් වුණාම ඇති.. ඔබේ විලාසිතාව, ඔබේ නිදහස සහ ඔබේ ජීවිතය.. ඔබ විඳින්න.

 
Related Posts with Thumbnails