Ads 468x60px

.

පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි ආසනයක්

පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි අපූරු පියාසර කරන ආසනයක් නිර්මාණය කිරීමට ජර්මානු ජාතික ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ. e-volo නම් ආයතනය යටතේ නිර්මාණය කරන ලද අවර පෙති 16 ක් මගින් ක්‍රියාත්මක වන මෙම උපකරණය "නම්‍යශීලී, සිරස් අතට ආරම්භ වන, මිනිසුන් රැගෙන යා හැකි ප්‍රවාහන උපකරණයක්" ලෙස හඳුන්වා දී ඇත. 2011 ඔක්තොම්බර් මාසය අවසන් වනවිට මෙම උපකරණය නිර්මාණය හා ඊට අදාළ පර්යේෂණ කටයුතු ද අවසන් කර ඇති බව සඳහන්ය. නිරිතදිග ජර්මනියේ ගුවන්පථයක ප්‍රථමවරට අත්හදාබලන ලද මෙම උපකරණය මිනිත්තු 01 තත්ත්පර 30 ක කාලයක් සම්පූර්ණ කර තිබේ.

මාධ්‍යයට කරුණු දක්වා තිබීම මුසාවක් - සමන්තභද්‍ර හිමි

පිටිදුව සිරිධම්ම හිමියන් නමින් ප්‍රසිද්ධව සිටි දැනට සකෘදාගාමී පල ලබාගෙන ඇතිබව ප්‍රකාශ කරන සිරිසමන්තබද්‍ර හිමියන්ගේ ආශ්‍රමය වන බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමය පසුගිය 7 වනදා සිංහල රාවය ජාතික සංවිධානය විසින් වටලනු ලැබිය.

ඒ පිටිදුව සිරිධම්ම හිමි අනෙක් භික්ෂුන්ට නිගා දෙන අයුරින් සිදු කල ප්‍රකාශ හා මතකාලයේදී උන් වහන්සේ විසින් සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන්.

වෙබ් අඩවි ලියාපදිංචියට අයැදුම්පත‍්‍ර කැඳවයි

ශී‍්‍ර ලංකාව හෝ ශී‍්‍ර ලාංකික ජනතාව පිළිබඳව ප‍්‍රවෘත්ති පලකරනු ලබන වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා වන අයැදුම්පත‍්‍රය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය විසින් අද (09) නිකුත් කර තිබේ.අදාළ අයැදුම් පත‍්‍රය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.media.gov.lk හි පළකර ඇත.පසුගිය 05 වැනිදා සිට වෙබ් අවඩි කිහිපයක් ශී‍්‍ර ලංකාව තුළ පිවිසීම අවහිර කිරීමෙන් පසුව ප‍්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

රටේ මහා පෙරළියක් - නොවැම්බර් 15 සෙනසුරු මාරුවක්

ජ්‍යෝතීර් විද්‍යාවේ ගනණය කිරීම් අනුව එළඹෙන නොවැම්බර් 15 වන දින විශේෂ දිනයක් ලෙස කතා බහට ලක්වෙලා තියනවා. ඒ ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම රජයටත් මුළුමහත් ලෝකයටමත් සුවිශේෂී බලපෑමක්‌ ඇති කෙරෙන සෙනසුරු මාරුව එදිනට සිදුවන නිසා බවයි පැවසෙන්නේ.
සමස්ථයක් වශයෙන් සෙනසුරුගේ ගමන බලවත් වීම නිසා ඒකාධිපති පාලන තන්ත්‍රයන් බිඳ වැටීම්, හමුදා බලයෙන් යුතු රාජ්‍ය තන්ත්‍රයන්ගේ බිඳ වැටීම් ලොව පුරා සිදුවිය හැකි බවත් එනම් රටුන් රජුන් වන, පොදු ජනයාගේ සිතුම් පැතුම් සපුරාගන්නට හැකිවන කාලයක් උදාවන බවත් පසුගිය දින වල පුවත්පත් මඟින්
ජ්‍යෝතීර්වේදීන් ප්‍රකාශ කළා.

ලබන වසරේ සිට වාර්ෂිකව ඉතාලි රැකියා 50,000ක්

ලබන වසරේ සිට වාර්ෂිකව ඉතාලියේ රැකියා සඳහා යාමට ශ්රී ලාංකිකයින් දහස් ගණනකට අවස්ථා උදාවන බව විදේශ රැකියා ප්රවර්ධන අමාත්යාංශය පවසයි.අමාත් ඩිලාන් පෙරේරා පැවසුවේ, ශ්රි ලංකා රජය සහ ඉතාලි රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම රැකියා අවස්ථා හිමිවනු ඇති බවයි. අනුව ලබන වසරේ රැකියා අවස්ථා 3,000 - 50,000  අතර සංඛ්යාවක් ලබාදිමට ඉතාලි රජය එකඟතාව පළ කර තිබේ.අමාත්යවරයා පැවසුවේ, සඳහා වූ සම්බන්ධීකරණ මධ්යස්ථානයක් ශ්රී ලංකාවේ ඉතාලි තනාපති කාර්යාලය තුළ නොබෝ දිනකින් ආරම්භ කරන බවයි.

ලංකා ඊ නිවුස් නැවත දැනුම් දෙන දෙනතුරු අත්හිටුයි

විදේශයක සිට ක‍්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය නැවත දැනුම් දෙන දෙනතුරු මෙරට විකාශය වීම තාවකාලිකව අත්හිටුවන ලෙස නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ නඩු විධාන පනත යටතේ මෙම නියෝගය කර ඇති අතර මෙම නියෝගයේ පිටපතක් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙත ද යවනු ලැබ ඇත.

දැරියක් වල් අලියකුට ලියුමක් ලියයි

දකුණු මොරවැව සිංහල විදුහලේ දෙවැනි වසරේ ඩර්මිලා කාවින්දි පණ්ඩිතරත්න දැරිය වල් අලියකුට ලියුමක් ලියුවාය. ගමටත් ගෙදරටත්  එල්ල වන ප‍්‍රහාර වලින් ඇති වූ වේදනාව එම ලියුමෙන් කියැවේ.

එම ලියුම පහතින් 

වෙබ් ලියාපදිංචියට ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවමත් සූදානම් නැහැ

පසුගිය 05 වැනිදා සිට වෙබ් අඩවි කිහිපයක් ශී‍්‍ර ලංකාව තුළ පිවිසීම අවහිර කර පසුව ප‍්‍රවෘත්ති දෙපාර්ත මෙන්තුව විසින් වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව අද (09) දෙවැනි වරටත් වෙබ් අඩවිය ලියාපදිංචි කිරීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේසඳහා තවමත් සූදානමක් නොමැති බවයි.
එසේම වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ මූලික කටයුතු සඳහා තවත් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත්, ඉන් පසුව ප‍්‍රවෘත්ති

ඓශ්වර්යාගේ කුළුදුල් දරු උපත මාධ්‍යට තහනම්


සුපිරි ‍බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන්ගේ කුළුදුල් දරු උපත වාර්තාකරණය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, දරු උපත සම්බන්ධ පූර්ව මාධ්‍ය ආවරණයන් මෙන්ම රෝහල් පරිශ්‍රයට කැමරා උපකරණ ගෙන ඒම ද තහනම් කර ඇති බවයි.කරුණු 10කින් සමන්විත මාර්ගෝපදේශන මාලාව අනුව 11.11.11 උපන්දිනය සහිත දරු උපතේ නක්ෂත්‍රාත්මක කරුණු පළ කිරීම ද තහනම් වනු ඇති.