Ads 468x60px

.

දඩ ගැසීමෙන් පමණක්‌ විනය රැකීමට යැම නිරර්ථක කාරණයක්‌ වන බව...


ගෙවෙමින් තිබෙන්නේ 2016 වර්ෂයයි. මේ අවුරුද්දේ ද රිය අනතුරුවල සැලකිය යුතු වර්ධනයක්‌ දක්‌නට ලැබිණි. අනෙකුත් වර්ෂයන් හා සැසඳීමේදී පසුගිය 2015 වර්ෂය වැඩිම රිය අනතුරු ප්‍රමාණයක්‌ වාර්තා වූ වර්ෂය ලෙස සැලකේ. 

එම වර්ෂයේ සමස්‌ත රිය අනතුරු සංඛ්‍යාව 36,894 කි. මියගිය සංඛ්‍යාව 2771 කි. එම වර්ෂයේ සිදුව ඇති "මාරක රිය අනතුරු" සංඛ්‍යාව 2566 කි. යතුරුපැදි අනතුරු සංඛ්‍යාව 9329 ක්‌ වන අතර යතුරුපැදිකරුවන් 754

මේ දුගඳින් ජනතාව බේරාගනු මැනවි.!


කොළඹ අලංකාර කළ බේරේ වැව අද ගඳ ගසන නරා වළක්‌ බවට පත්ව තිබීම සැබවින් කනගාටුදායකය. කොළඹ ගංගාරාම විහාරස්‌ථානය ආසන්නයේ ඇති බේරේ වැවේ දැඩි දුර්ගන්ධයක්‌ හමන බව ඊයේ පුවත් පළවී තිබිණි. එසේම බේරේ වැවේ විශාල ප්‍රදේශයක තෙල් තට්‌ටුවක්‌ද බැඳී ඇති බව වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

මීට වසර දෙකකට පමණ පෙර නම් බේරේ වැවේ සුන්දරත්වය මනාව දක්‌නට ලැබිණි. ඒ කාලයේ මෙය ගඳ ගසන නරා වළක්‌ තත්වයෙන්

ඊළඟ අවුරුද්ද ලබන්නට පෙරය....


පසුගිය වසරට වඩා මේ වසර තුළදී (2016) ඒඩ්ස්‌ රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව වැඩි වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී. ඒඩ්ස්‌ මර්දන ව්‍යාපාරය සඳහන් කර තිබේ. 

එම තොරතුරුවලට අනුව මේ වන විට මේ රටේ ඒඩ්ස්‌ මරණ 405 ක්‌ සිදුව ඇති අතර එයින් සියයට 50 කට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්‌ වාර්තා වන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. වසර අවසන් වන විට මේ අසන්නට

අය වැය සෙස්‌ස පස්‌සට...


යහපාලන රජයේ දෙවැනි අය වැය ද පසුගිය සතියේ ඉදිරිපත් කෙරිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත් නොවන්නට අය වැය කතාව මේ රටේ මීටත් වඩා බරපතළ ලෙස කතාබහ කරන්නට ඉඩ තිබුණු බව අපේ හැඟීමය. 

අනෙක්‌ කාරණය මෙවර අය - වැයට වඩා ජනතාව වැඩිපුරම බලා හිඳින්නේ ඉදිරි වර්ෂය, එනම් 2017 පුරාම ඉදිරිපත් කරන අය වැය

ධීවර විරෝධයේ සැඟවුණු අරුත...


මන්නාරමේ ධීවර විරෝධතාවක්‌ පිළිබඳව පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඒ ධීවර උද්ඝෝෂණය පිළිබඳව කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ ද ඉහළ ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. මේ ධීවරයන් උද්ඝෝෂණය කළේ කුමකටද? 

මන්නාරමේ මුසලිනි සිංහල ධීවරයන් පදිංචි කිරීමේ උත්සවයකට එරෙහිවය. ඇත්තෙන්ම එම ප්‍රදේශයේ කවරකු පදිංචි කිරීමට යන්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක්‌ නැත. නමුත් ඉඩම් මැනීමක්‌

වකුගඩු ජාවාරම්කරුවන්ගේ පලා යැම හා අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසීම..


වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දියානුවන් හත්දෙනෙක්‌ මිරිහාන රැඳවුම් කඳවුරෙන් පලායැම ගැන පසුගිය දිනවල මාධ්‍ය අවධානය යොමුව තිබිණි. 

ලංකාවේත් ඉන්දියාවේත් විශේෂ අවධානයට යොමු වී තිබුණු මේ වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් මිරිහානේ කඳවුරින් පැන ගියේ

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබපැතිය යුතුය....


ලොව මවිත කරවමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් පත්ව තිබේ. හිලරි ක්‌ලින්ටන්ගේ ආධාරකරුවන් හඬා වැටෙද්දී ට්‍රම්ප්ගේ ආධාරකරුවන් නටමින් ප්‍රීතිවන අයුරු සී. එන්. එන්. රූපවාහිනිය ඔස්‌සේ සජීවීව දැකගැනීමට හැකිවිය. 

ඇමරිකානු මාධ්‍ය ජාල සියල්ලම බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණය මිස ට්‍රම්ප්ගේ ජය නම් නොවේ. ජනාධිපතිවරණයට පෙරදීම ප්‍රකාශ වී තිබුණේ එරට සියලු මාධ්‍ය පෙනී සිටින්නේ හිලරි වෙනුවෙන් බවයි. එහෙත් සියලු මාධ්‍ය විශ්ලේෂණ බොරු කරමින් 70 හැවිරිදි

ආයෙත් වැස්‌ස - ආපදා කළමනාකරණයට පණිවුඩයක්‌...


දැඩි උණුසුම් සහිත වියළි කාලගුණය අවසන්ය. රටේ ජනතාව මාස ගණනාවක්‌ පුරා මේ උණුසුම නිසා පීඩා වින්දාහ. දැන් මදි නොකියන්නට වහී. ඊයේ වන විට වාර්තා වී තිබූ ආකාරයට සමහර ප්‍රදේශවල නායයැමේ අවදානමක්‌ ද මතුව තිබේ. 

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කියන ආකාරයට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළ අඛණ්‌ඩව පැවතුණහොත්

අයවැයට යෝජනාවක්‌ (මැති ඇමැතිවරු වෙනුවෙනි)


අයවැය ඉදිරිපත් කිරීමට ඇත්තේ තව දින තුනක කාලයක්‌ පමණි. අපට (ජනතාවට) මේ දින තුනක කාලය පවා ඉවසා සිටින්නට බැරි තරමේ හදිසියක්‌ තිබේ. ඒ බය හා සැකය මුසු හදිසියකි. 

හදිසියට හේතුව මෙසේය. 

පසුගිය අවුරුද්ද පුරාම මේ රටේ ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසවුණු, විශාල දුක්‌ කන්දරාවකට මුහුණපෑ මැති ඇමැතිවරු (ජනතා නියෝජිතයන්) වෙනුවෙන් ආණ්‌ඩුව දෙන්නේ මොනවාදැයි දැන ගැනීම

සංගීත මුනිවරයාණෙනි, ඔබට නිවන් සුව.....


මියුරු බසින් රස මැවූ හෙළයේ මහා ගාන්ධර්වයා සිය දිවි සැරිය නිමා කර තිබේ. සිංහල සංගීත ඉතිහාසයේ අමරදේව යුගය ඊයේ දිනයෙන් අවසන් වූ බව සටහන් තබන්නේ කනගාටුවෙනි. 

අමරදේවයන්ගේ මියුරු සර මින් ඉදිරියට සජීවීව අසන්නට නොලැබීම සමස්‌ත ජාතියේම අභාග්‍යයකි. එහෙත් කිසිවකුට මරණය පරාජය කළ

අමරදේවයන් දිවි සැරියෙන් සමුගනී...


අද උදෑසන  අසනීප තත්ත්වයක් හේතුවෙන් රොහල් ගත කළ ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් අභාවප්‍රාප්තවූ බව ශ්‍රී ජයවර්ධන රෝහල් ආරංචි මාර්ග දන්වා සිටියා. ඔහු මිය යන විට 88 වැනි වියේ පසුවිය. 1927 වසරේ දෙසැම්බර් මස 5 දා මොරටුවේ උපතලද අමරදේවයන්ගේ මුල් නම වූයේ  ඇල්බට් පෙරෙරායි.

සිංහල සංගීතය වෙනුවෙන් අනූපමය මෙහෙයක් ඉටුකළ පුද්ගලයන් අතර මුල් තැන අමරදේවයන්ට හිමිය. මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාපකයා වන්නේද අමරදේවයන්ය. පිලිපීනයේ, ඉන්දියාවේ, ප්‍රංශයේ සම්මානයට පාත්‍ර වී ඇති අමරදේවයන් ශ්‍රි ලංකාවේ දේශමාන්‍ය, කළා

ශ්‍රී පාදය සුරකිමු....


ශ්‍රී පාදය මෙරට බෞද්ධයන්ගේ පූජනීය උරුමයකි. විවිධ ආගමිකයන් ශ්‍රී පාද වන්දනාවට එකතු වුවද එය බොදු පුද බිමකි. පසුගිය සති කිහිපය පුරාම විශේෂයෙන් ම සමාජ ජාලා වෙබ් අඩවිවල ශ්‍රී පාදය සම්බන්ධව නොයෙකුත් පුවත් පළවිය. 

එයින් කියවුණේ ශ්‍රී පාද රක්‍ෂිතයේ නිවාඩු නිකේතනයක්‌ ඉදිකිරීම සඳහා මූලික සැලසුම් සකස්‌ වී ඇති බවය. හෙලිකොප්ටරයකින් ශ්‍රී පාද අඩවියට පැමිණි විදේශිකයන් පිරිසකගේ ද ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි

අප පටි තදකරගෙන සිටීම ඇඟට ගුණදායක බව...


අයවැය කටේ තිබියදී පාර්ලිමේන්තුවට කෝටි 5103 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර ඇති බව ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. වාර්තා වන අන්දමට ඒ පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත්

විවිධ බළකායන් හිස ඔසවද්දී කුමක්‌ කළ යුතුද...?


කුමන විවේචන අපවාද එල්ල වුවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ තමා අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිවිටකත් වෙනස්‌ නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රණවිරුවන්ට වීර පදක්‌කම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී අවධාරණය කර තිබිණි. 

රටේ විධායක ජනපතිවරයා ලෙස ඔහු ජාතික ආරක්‍ෂාව ගැන වඩාත් උනන්දු විය යුතු බවට කිසිදු සැකයක්‌ නැත. ජාතික ආරක්‍ෂාව පිළිබඳ සියලු වගකීම් පැවරෙන්නේද ඔහු මතය.

ජාතික ආරක්‍ෂාව ගැන මේ දිනවල නිරන්තරව කතාබහට ලක්‌වේ. විශේෂයෙන්ම උතුරේ ඇතිවූ සමහර සිද්ධීන් නිසා දකුණේ ජනතාවට ද යම් යම් සැක සංකා මතුව තිබේ. යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛ අභිලාෂය