Ads 468x60px

.

රූපවාහිනී ප්‍රේක්ෂිකාව විමසූ පැනයට අනර්කලී තුෂ්නිම්භූත වෙයි

පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ අනර්කලී ආකර්ෂා ඉදිරිපත් කරන වැඩසටහනකට සජීවී ලෙස දුරකථනයෙන් සම්බන්ධවූ ප්‍රේක්ෂිකාවක ඇසූ ප්‍රශ්නයක් නිසා ඇය මහත් අකරතැබ්බයකට ලක්වුණා.මෙම වැඩසටහනේ ප්‍රේක්ෂිකාව ඇගෙන් විවිධ විකාර ප්‍රශ්න අසන අතරතුර එක්වරමදුමින්ද සිල්වට හොඳ වැඩේ නේද වුනේ ? යනුවෙන් ප්‍රසිද්ධියේ විමසූ අවස්ථාවේ අනර්කලීට කට උත්තර නැති වුණා.ඇය උත්තර නොදී තුෂ්ණිම්භූතව බලා සිටි අතර එයට පිලිතුර දෙනු වෙනුවට ප්‍රේක්ෂිකාවටත් සමු නොදී වහාම අපි ගීතයකට යමු කියා වැඩසටහන වෙනස් කරා.මේ අවස්ථාවේ අනෙක් පස ප්‍රේක්ෂිකාවගේ දුරකතන සබඳතාවයද වැඩසටහන් නිෂ්පාදකයින් අත්හිටවා තිබුණා.එම දෙබස මෙසේය

කාලගුනේගේ බොරු නිවේදනයෙන් ඊයේ රාති‍්‍රයේ දැඩි නොසන්සුන් තත්වයක්

සුළි සුළං තත්වයක් පැමිණිය හැකි බවට පැතිර ගිය රාවයක් හේතුවෙන් දකුණේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව ඊයේ රාති‍්‍රයේ දැඩි නොසන්සුන් තාවට පත්ව තිබේ.සුළං තත්වයෙහි කිසියම් වර්ධනයක් සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශ දැනුම් දී ඇති බව අහංගම පොලීසිය ඊයේ රාති‍්‍රයේ ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කර ගනිමින් නිවේදනය  කර ඇත. මේ පිළිබඳ තොරතුරු කටකතා ඔස්සේ විවිධ ස්වරූපයෙන් පැතිර යාමත් සමග නොසන්සුන්තා හටගෙන තිබේ.  

ෆයින් විෂන්හි රොහාන් වැලිවිටට පහරදීමක්

ශී‍්‍ර ලක්වාහිනී සහ ෆයින් විෂන් ආයතනයේ හිමිකරුවා වන රොහාන් වැලිවිට මහතාට එල්ලවූ මාරාන්තික ප‍්‍රහාරයක් හේතුවෙන් ඔහු ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමිනි සිටින බව  වාර්තා වේ.ඒ මහතාට මෙම ප‍්‍රහාරය ඊයේ (30) එල්ලවී ඇති අතර, ප‍්‍රහාරය සිදුවූ අවස්ථාවේදීමමහතා ඇපලෝ රෝහලවෙත රැගෙන ගොස් තිබේ.පසුව ඔහු ජාතික රෝහලට මාරුකර තිබේ.මෙම පහරදීම සිදු කර ඇත්තේ වැලිවිට මහතා සමඟ හවුලේ ව්‍යාපාර සිදුකරන අයෙක් විසින් බවද මේ අතර, වාර්තා වේ.

ඔබේ ගිණුමත් හැක් වෙලා ද..?

තමාගේ පරිගණකය ,ඊ-මේල්ගිණුම වෙනත් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබේනම් හෝ පරිගණක,ජංගම දුරකථන ආශ්‍රයෙන් සිදුකරන සියලුම වංචනික ක්‍රියා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකියි.

oic.cidcom@police.lk, dig.cid@police.lk යන ලිපින වලට ඊ-මේල් කිරීම මගින් හෝ 0112380380, 0112422176 යන අංක වලට දුරකථන ඇමතුම් ලබා දීම මගින් මෙම පැමිණිලි ගොනුකළ හැකියි.

විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ - නිරෝෂා

තමාට විවාහය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බව ජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා කියයි. ඇය මාධ්‍යට විවාහය පිළිබඳව පවසා තිබුණේ මෙවැනි අදහසකි. විවහාය ප‍්‍රමාද වන තරමට මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න මට පුළුවනි. සතියන්ත පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡා වකදීඇය පවසා තිබුනේ මෙවැනි අදහසකි.‘මගෙ ජීවන රටාවත් එක්ක විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මම ගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලැබෙනවා.

ඒඩ්ස්‌ මර්දන ප්‍රචාරයත් සමලිංගික සංවිධානයකට

ඒඩ්ස්‌ මර්දනය කිරීමේ පිළිවෙළ දැනුවත් කිරීමේ වැඩසටහන් 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සමලිංගික සංවිධානයක්‌ වෙත භාරදීම සඳහා ඒඩ්ස්‌ සහ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා කර තිබේ.ඒ අනුව ඒඩ්ස්‌ පිළිබඳ සම්පූර්ණ ප්‍රචාරන කටයුතු මෙම සංවිධානයට පැවැරෙන අතර එය අනියම් ආකාරයෙන් මෙරට තුළ සමලිංගික සබඳතා නිත්‍යනුකූල කිරීමක්‌ වනු වාර්තාවේ සදහන්වේ.

ඒඩ්ස්‌ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා 2010 වසරේ සිට 2015 දක්‌වා රුපියල් කෝටි 2000 කට අධික මුදලක්‌ වෙන්කර ඇතැයිද, තවත් රාජ්‍ය නොවන සංවිධානයක්‌ මේ සඳහා රුපියල් කෝටි 250 ක්‌ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයට ලබා දී ඇති බවද එම වාර්තාවේ පළවේ.

ඇත්තටම මට ෆේස්බුක් ගිනුමක් නෑ - බුද්ධික කුලසේකර

ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වන බුද්ධික කුලසේකර විසින් ඔහුගේ නමින් ෆේස්බුක් ජාලයේ දොලොස් දෙනෙකු සිටින බව බවසනවා. සැබෑ ෆේස්බුක් ගිනුමක් පවත්වාගන යනවා තබා පරිසනකයක් වත් භාවිතා නොකරන්නේ දැනට අංක දෙකේ තිබෙන ස්වර්ණවාහිනී නාලිකාව අංක එකට ගැනීම සඳහා කාල වේලාව මදිවන නිසා බවයි ඔහු පවසන්නේ.මේ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනක පුවත් පතකට පැවසුවේ මෙසේය.

ඇත්තටම මගේ නමින් ෆේස්බුක් ප්‍රොෆයිල් 12ක් තිබෙනවා. නමුත් මගේ කාර්යාලයට ආවොත් පරිගනකයක්වත් නැති බව ඔබට පෙනේවි. මම භාවිතා කරන්නේ ඊමේල් යැවීම සඳහා පුංචි ටැබ් එකක් පමණයි. මගේ ලේකම්වරිය තමයි ඒ කටයුත්ත කරන්නෙත්. ඇත්තටම මට ෆේස්බුක් ගිනුමක් නෑ.
මගේ රාජකාරි ස්වභාවය අනුව මට ඒ දේවල් කරන්න වෙලාවක් නෑ.

තිළිණි ගේ හාදකමට හේතුවූයේ ඩිල්ෂාන්ගේ කූප් පහරයි

ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් පිලේ වත්මන් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ බිරිය වන ටෙලි නිළි මංජුලා තිළිණි කලක සිට කි‍‍්‍රකට් පේ‍‍්‍රක්‍ෂිකාවකි.ඩිල්ෂාන් හා තිළිණි ගේ හාදකමට හේතුවූයේද තිළිණි කි‍‍්‍රකට් කී‍‍්‍රඩාවට දැක්වූ ලෙංගතුකම බව ක්‍ෂේත‍‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.කි‍‍්‍රකට් කී‍‍්‍රඩකයන්ගේ විවිධ පහර වල් අතරින් තිළිණි වඩාත් කැමති ඩිල්ෂාන් කි‍‍්‍රකට් පිටියට හඳුන්වාදුන් ඩිල්ස් කූප්’ පහරට බව පැවසේ. ඩිල්ෂාන් ඩිල්ස් කූප්’ පහර එල්ල කළ මුල් කාලයේදී එම පහරට වැඩි වශයෙන් යොමුවීමට ඩිල්ෂාන් යොමු කළේ මංජුලා බවද වාර්තා වේ.

රුපියල් 3 කින් කෑම පිසගැනීමට - විදුලි දර ලිප-ගෑස්‌ හා දර ප්‍රශ්නයට විකල්පයක්‌

දිනෙන් දින මිල ඉහළ යන ගෑස්‌ හා දර ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙසින් දිනකට රුපියල් 3 ක පමණ වියදමකින් ගෙදර දොර  කෑම පිසගැනීමට හැකි විදුලි දර ලිපක්‌ දුම්මලසූරිය තුංතොට  පදිංචි හැත්තෑ හැවිරිදි ඩී. ඒ. ගුණතිලක මහතා විසින් නිපදවා ඇත. රන් රිදී වැඩවලින් තම ජීවිතය ආරම්භ කළ ගුණතිලක මහතා කුඩාකල සිටම කාර්මික කටයුතු පිළිබඳ උනන්දුවක්‌  දක්‌වා ඇත්තේ පොතක පතක දැනුමෙන් නොව දැතේ හුරුවෙන්මය. 

වසරේ හොදම ක‍්‍රීඩකයා ඩිල්ශාන්. - ජනපි‍්‍රයම ක‍්‍රීඩකයා සංගක්කාර.

මේ වසරේ සියැට් කි‍්‍රකට් සම්මාන උළෙල කොළඹ දී පැවැත්වුණා. එහිදී වසරේ හොදම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් සම්මානයට පාත‍්‍ර වුණා. එමෙන්ම වසරේ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තේ හිටපු නායක කුමාර් සංගක්කාරයි.