Ads 468x60px

.

නිට්ටඹුවේ කට්ටඩියෙක් තරුණියක් තනිකරගෙන දරුවකු ලබා දුන් හැටි...

කට්ටඩියාගේ කරේ තිබූ සුරය පැළඳ වූ පසු දරුවන් නැති තරුණිය වෙනත් ගැහැනියක් වෙලා...

ග‍ලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ කාන්තාවක් විවාහ වී වසර එකහමාරක් ගතවීත් දරුවකු  නොලැබිම හේතුවෙන් දරුවකු ලබා ගැනීම අරමුණු කරගෙන කට්ටඩියකුගේ පිහිට පැතුවාය.

ඇයට ඒ සඳහා  මාර්ගෝපදේශකත්වය ලැබි තිබුණේ ඥාති සහෝදරියකගෙනි. 

නිට්ටඹුව හා බැලුම්මහර යන ප්‍රදේශවල දේවාල පවත්වාගෙන යන මෙම කට්ටඩියා ඉහත කී තරුණ  කාන්තාවට දරුවකු ලබාදීම සඳහා ශාන්තිකර්මය ආරම්භ කර තිබුණේ පසුගිය 14 දා රාත්‍රියේ ඇගේ ඥාති සහෝදරියගේ නිවසේදීය. 

කට්ටඩියා තරුණිය තනිකරගෙන ඇය භූතාත්මයකට රැගෙන යන බව පවසා බිය ගන්වා ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවද පැවැසේ. කෙසේ හෝ ඉන්පසු මෙම කාන්තාව සිහිසුන් වී ඇත. 

අගවිනිසුරුවරිය‍ට එරෙහිව දෝෂාභියෝගයෙන් බරපතළ චෝදනා

නීතිය සාධාරණ වන්නේ, වරදක් සිදුවූ අවස්ථාවේ දී වරදට දඩුවම් දීමත්, ඒ වරදේම මූලය මිස වෙන කිසිවක් එකී දඩුවම සඳහා පාදක කර නොගැනීමත් මතය.

වරදක් සිදුවන අවස්ථාවේ පියවරක් නොගෙන සිටි කිසි බලාධිකාරියකට එම වරද වෙනත් අවස්ථාවක දී පියවර ගැනීමේ සදාචාරමය අයිතියක් හිමිවන්නේ නැත.


අගවිනිසුරුවරිය‍ට එරෙහිව දෝෂාභියෝගයෙන් බරපතළ චෝදනා මෙසේය...

* වත්කම් ප්‍රකාශවල නැති ගිණුම් විස්සක් එකම බැංකුවේ.

* උපයාගත් ආකාරය හෙළි නොකළ රු.19,362,500 මුදලක්.


* මිලියන 34ක විදේශීය මුදල් තැන්පත් කිරීමේ තොරතුරු වසන් කරලා.


* වෙනත් විනිසුරු මඩුල්ලක් විභාග කළ සෙලින්කෝ නඩුව තමන් වෙත පවරාගෙන.


* සෙලින්කෝ ආයතනයෙන්ම විශේෂ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන නිවසක් මිලට අරන්.


* තමන්ට එරෙහිව නඩුවක් ගොනු කළ නීතිඥයාගේ සහෝදරියක වූ මහේස්ත්‍රාත් ඈන් ස්වර්ණාධිපතිට හිරිහැර කරලා.


* අධිකරණවල නඩු කාරණා විය හැකි හෝ මත භේදයට ඉවහල් වන කරුණු හෝ සම්බන්ධයෙන් කටයුතු කරලා.


* ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් සිටිය දී ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නිලධාරීයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම් තනතුරට පත් කරලා.


* තමන්ගේ ලිපි පළ කළ මාධ්‍ය ප්‍රකාශන අංශය අයත් ආයතනයේ පෙත්සම් අසා තීරණයක් ලබා දීලා.


* අග්‍රවිනිශ්චයකාර තනතුරට නොගැළපෙන පැවැත්මක්.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඊයේ (06) ඇතුළත් කර තිබේ. 


බැරක් ඔබාමා 45 වැනි ජනාධිපතිවරයා ලෙස නැවතත්...

ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ජන්ද 270ක් ලබාගත යුතුයි...

බැරක් ඔබාමා කෙතරම් නිහතමානී නායකයෙකු දැයි පහත ජායාරූප වලින් පැහැදිලි වේ...

තවමත් ජන්ද ගනන් කරමින් පවතින මේ මොහොත වනවිට ආසන 538න් ඔබාමා ආසන 303ක් දිනාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වු රිපබ්ලිකන් පාක්ෂික මිට් රොමිනි දිනාගෙන ඇත්තේ ආසන 203කි.

ඒ අනුව ඊයේ ආරම්භ වූ අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රථිපල මේ වනවිට නිකුත්වී ඇති අතර එයින් පැහැදිලි ජයක් ලබාගනිමින් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්වීමට හිටපු ජනාධිපති බැරක් ඔබාමා සමත්වී තිබෙනවා.

ඇමරිකාවේ සිටින බොහෝ ලාංකිකයන් තම ජන්දය පාවිච්චි කර තිබෙන්නේ බැරක් ඔබාමාට බව වාර්තා වේ. ඒ ඔහු කලු ජාතිකයෙක් නිසාය.


බ්ලු පින්තුර පෙන්නා අනියම් බිරිඳගේ දියණියට අතවර කල ව්‍යාපාරිකයාට වැඩ වරදී...

අනියම් බිරිඳගේ සැමියා රට ගිහින්...

ව්‍යාපාරිකයා විහාරාධිපති හිමිවරු දෙදෙනෙක්‌ සමග පොලිසියට...

සිව් දරු පියෙකු වන වැලි ගොඩදැමීමේ ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයකු දෙදරු මවක්‌ සමග අනියම් සබඳතාවක්‌ කාලයක් තිස්සේ පවත්වමින් තිබුණා. 

මේ අතර එම ව්‍යාපාරිකයා අනියම් බිරිඳගේ 13 හැවිරිදි දියණියට අසභ්‍ය ඡායාරූප පෙන්වා ලිංගික අතවර කර ඇති අතර එම ව්‍යාපාරිකයා ඊයේ (6 දා) උදේ නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට භාර වූ බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසුවා.

අනියම් බිරිඳ සිය දියණිය සමග කළුතර දකුණ කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය පිළිබඳව පැමිණිලිකර තිබෙනවා.

ව්‍යාපාරිකයා නීතිඥ අනුෂා ජයලත් මහත්මිය සහ විහාරාධිපති හිමිවරු දෙදෙනෙක්‌ සමග පොලිසියට පැමිණ භාර වූ බව පොලිසිය පවස
නවා.

සනත් ගුණතිලක උපන් දිනය දා අතුරුදහන් වුනේ ඇයි

හෑන්ඩ් ෆෝන් එකත් ඕෆ් කරගෙන...

ප‍්‍රවීන නළු සනත් ගුණතිලකගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 27 වැනිදාය. එදින පෙරවරුවේ සනත්ට සුභ පතන්නට බොහෝ දෙනෙකු ඔහුගේ නිවසේ දුරකතනයට ඇමතුම් ලබා දුන්නද ඔහු නිවසේ සිට නොමැත.

ඔහුගේ ජංගම දුරකතනයද එදින තිබී ඇත්තේ කි‍්‍රයා විරහිත කරය.

සනත් උපන් දිනය දවසේ පෙරවරුවේ අතුරුදහන්ව සිටියේ කොහේදැයි සොයා බැලීමේදී
අප වෙත ආනාවරණය වූයේ ඔහු දේව කන්නලව්වකට යාම නිසා මෙසේ අතුරුදහන්ව සිටි බවයි.

මග සිටියොත් අඹු නසී, ගෙදර ගියොත් තෝ නසී...

හිටිහැටියේම, අල්ලස් හෝ දූෂණ කොමිසම ඇගේ සැමියාට එරෙහිව නඩු පැවරුවේ ඇයි...

කැලෑ පත්තර අලවන්නේ ගස්වල ය. ලංකාවේ දී නම් එම කැලෑ පත්තර උත්තරීතර පාර්ලිමේන්තුවේ දී කියවනු ලැබේ. මේ වනාහී, කැලෑ පත්තරයේ තත්ත්වය උසස් වීමකට වඩා පාර්ලිමේන්තුව වනගත වීමකි.

වරදට පැනවෙන දඩුවම අදාළ වරදට සමානුපාතික නොවීම අසාධාරණ වන්නේ යම් සේ ද, වරදක් වෙනුවෙන් පැනවෙන දඩුවම අදාළ වරදට පරිබාහිර වෙනත් හේතූන් මගින් පොළඹවනු ලැබීමත් අසාධාරණ ය. 


එසේම, නීතිය සාධාරණ වන්නේ, වරදක් සිදුවූ අවස්ථාවේ දී වරදට දඩුවම් දීමත්, ඒ වරදේම මූලය මිස වෙන කිසිවක් එකී දඩුවම සඳහා පාදක කර නොගැනීමත් මත ය.

තවත් විදිහකින් කිවහොත්, වරදක් සිදුවන අවස්ථාවේ කිසි පියවරක් නොගෙන සිටි කිසි බලාධිකාරියකට එම වරද සම්බන්ධයෙන් වෙනත් අවස්ථාවක දී පියවර ගැනීමේ සදාචාරමය අයිතියක් හිමිවන්නේ නැත.