Ads 468x60px

.

මම මේ වරද කළේ දරුවා හදාගැනීමේ චේතනාවෙන් - සෙරෙප්පු එල්ලූ ගුරුවරිය කියයි

මම මේ වරද කළේ දරුවා හදාගැනීමේ චේතනාවෙන් තනාවෙන් මිසක්‌ කිසිම අහිතකින් නොවේ යෑයි කන්තලේ අධ්‍යාපන කලාපයේ කාවන්තිස්‌ස විදුහලේ පහ ශ්‍රේණියේ ඉගෙනීම ලබන දැරියකගේ ගෙලේ ඇයගේ සෙරෙප්පු දෙක එල්ලී මේ සිද්ධිය පිළිබඳව මහත් ආන්දොලනයකට තුඩු දුන් එම විදුහලේ එම්. නදීකා ප්‍රියදර්ශනි ගුරු මහත්මිය ඊයේ ප්‍රකාශයක්‌ කළාය.

ඇය මෙසේද කීවාය. මෙම සිද්ධියෙන් මම හොඳ පාඩමක්‌ ඉගෙන ගත්තා. මින් මතු දරුවන් මොන වරදක්‌ කළත් මම කාටවත් දඬුවම් දෙන්නේ නැහැ.

මෙම සිද්ධිය මාධ්‍යවලින් ඉතා විශාල ලෙස ප්‍රසිද්ධියට පත් කළා. ඒ නිසා එම දරුවාගේ පවුලට යහපතක්‌ වෙනවා නම් ඒක ලොකු දෙයක්‌. මේ දරුවාට අපහාස කිරීමේ චේතනාවක්‌ මගේ තිබුණේ නැහැ. 


දරුවා සමාජයේ උසස්‌ තත්ත්වයකට කවදා හෝ පත්වෙනවා නම් ඒක ලොකු දෙයක්‌. ඇයට අපහාස කිරීමේ චේතනාවක්‌ මා ළඟ නැහැ. මම දරුවෝ කාටත් එක හා සමානව සලකනවා. ඔය දරුවා සමහර දිනවල

"කිරි දෙවීමට බුරුල්ල තිබියදී අඟ අල්ලාගෙන දැඟලීම"

එංගලන්ත ජාතික කාන්තාවක්‌ සිය අතෙහි බුදු රජාණන් වහන්සේගේ පිළිරුව පච්ච කොටාගෙන තිබීම හේතුවෙන් සංචාරයක්‌ සඳහා ලංකාවට පැමිණි පසු රටින් පිටුවහල් කළ පුවතක්‌ පසුගියදා ශ්‍රී ලංකා ජනමාධ්‍ය තුළ පමණක්‌ නොව යුරෝපීය රටවල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ ද එය පුළුල් ලෙස ප්‍රචාරය විය. 

මේ බුදුරුව පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට ආ කෙනෙකු රටින් පිටුවහල් කළ පළමු වතාව නොවේ. මෑත භාගයේ මීට පෙර ද එසේ බුදුරුව සිය ශරීරයේ පච්චකොටාගෙන ලංකාවට පැමිණි අයෙකු රටින් පිටුවහල් කර තිබුණු බව මාධ්‍යවලින් අපි දුටුවෙමු. 

මේ පුවත් දුටු අපට සිහි වූයේ ක්‍රි.ව. 253-266 ලක්‌දිව රජකම් කළ ගෝඨාභය රජතුමා විසින් එවකට මහායාන බුදු දහම වැළඳගත් වෛතුල්‍යවාදී භික්‍ෂුන් හැට නමකගේ පිට කොන්දෙහි හංවඩු ගසා ඉන්දියාවට පිටමං කිරීමේ පුවතය.

බුදුදහම ලෝක ආගම් අතර සිවුවන ස්‌ථානයේ පමණ විරාජමාන වන නිර්මල දහමකි. ලෝක ජනගහනයෙන් බෞද්ධයන් වැඩිම පිරිසක්‌