Ads 468x60px

.

තමන්ගේ ශුක්‍රානු සිරින්ජරයකට දමා දරුඵල ලබා දුන් වෛද්‍යවරයා

ඊයේ (12) දිනයේදී පාර්ලිමේතු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් නැගු පිළිතුරකට අනුව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති වරයා ප්‍රකාශකර සිටියේ ජනපතිට කිසිම පෞද්ගලික වෛද්‍ය වරයකු නොමැති බවත් ඊලියන්ත වයිට් ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයකු නොවන බවත් යනුවෙනි. ඊලියන්ත ලින්ඩ්සේ වයිට් ගේ චරිතාප්‍රදානය හෙළිකරනු ලැබුවේ පසුගිය ජුනි මසය.

මගේ පවුලට අනවශ්‍ය ප්‍රචාර එපා – නාමල්

රාජ්‍ය මාධ්‍ය තම පවුල පිළිබඳ අනවශ්‍ය ප්‍රචාර ලබාදීමෙන් වැළකිය යුතු බව නාමල් රාජපක්ෂ මහතා  අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පවුලේ නාලිකා මෙරට තුල ක‍්‍රියාත්මක නොවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තු වේ පැවති ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

පස්වරු දෙක වන විට ප්ලාස්ටික් කූඩ නීතිය ඉවත් නොකලොත් ගොවියකු ගිනි තබා ගන්නවලු


එළවළු ප‍්‍රවාහනයෙන් ප්ලාස්ටික් කූඩ ඉවත් කිරීමේ තීරණය අද පස්වරු දෙක වන විට නොලැබුණහොත් සමරසිංහ නම් ගොවියකු ගිනි තබා ගන්නා බව එහි රැස්ව සිටි  ගොවියෙක් වෙළෙඳුන් හා මාධ්‍යවේදීන් අමතා කීවේය.එක් ගොවියෙක් විදුලි කණුවක නැග සිටියි. අමුඩයක් ගසාගත් තවත් ගොවියෙක් ඔරලෝසු කණුවේ නැග සිටියි. දඹුලු ගොවියෝ අද දෙවැනි දිනටත් වඩාත් දැඩි ලෙස ප්ලාස්ටික් කූඩයට එරෙහිව දඹුලු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය දක්වන්නට වූහ. ගොවීහු පන්දහක් පමණ මීනිපෙට්ටි ද රැගෙන මහනුවර යාපනය ඒ නවය පාර මුළුමනින්ම සිය විරෝධය පළකළහ.  

ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ - සචිනි

ඇයට කලා ක්ෂේත්‍රයට එක්වීමට අවස්ථාව ලැබෙන්නේ 2003 වසරේ "මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගැනීමත් සමගය. සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ "වස්සාන සිහිනය" චිත්‍රපටය ඇය ප්‍රථම රංගන දායකත්වය ලබාදුන් නිර්මාණය වේ. එම ප්‍රථම රංගනය වෙනුවෙන් හොඳම සහය රංගන ශිල්පිණිය ලෙස සම්මානයට පාත්‍රවීමටද ඇය සමත්වූවාය. ‍එමෙන්ම ප්‍රසන්න ජයකොඩිගේ "සංකාරා" චිත්‍රපටය ඇගේ රංගන ජීවිතයේ නව වෙනසක් ඇතිකළ නිර්මාණයකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇති ඇය මේ වන විට චිත්‍රපට නිෂ්පාදනයට ද යොමුව සිටියි.ඇය සචිනි අයේන්ද්රා .... 

නෙළුම් පොකුණ රඟහලට පැය දෙකකට රුපියල් ලක්ෂ 4 ක්

පොළොන්නරුවේ නෙළුම් පොකුණේ ආකෘතියට අනුව ඉදිකර ඇති මෙය නෙලුම් පොකුණ ජාතික ප‍්‍රසාංගික කලා රඟහල යනුවෙන් නම්කිරීමට කලින් යෝජනාවී තිබුනත් පසුව එය "නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ජාතික කලා රඟහල" යනුවෙන් වෙනස්කොට ඇත.
කොළඹ හත නොමෑන්ඞ්ස් පිටියේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම රඟහල ලෙසින් සැළකෙන ජාතික ප‍්‍රසාංගික කලා රඟහල මේ මස පහළොස්වනදා විවෘත කිරීමට සැළසුම් කර ඇත. 

කෙනෙක් බොහෝම කැත විදියට මගේ ජීවිතයට ළං වුනා - නිල්මිණි


නිල්මිණි තෙන්නකෝන් නමැති මේ රංග ශිල්පිනියගේ හැකියාව ගැන ඔබට අමුතුවෙන් යමක් පැවසිය යුතු නැත. ඇය සතු පුළුල් රංගන ප‍්‍රතිභාව ගැන ඔබ හොඳාකාරවම දනී. එසේ වූ මේ ප‍්‍රවීණ රංග ශිල්පිනිය මේ දිනවල තම රංග ප‍්‍රතිභාව පෙන්නුම් කරන්නේ ‘සිහින පියාපත්’ නාට්‍ය මාලාව වෙතිනි. ඇය එහි මවකගේ චරිතය නිරූපණය කරන අයුරු සැබැවින්ම අපූරුය. වෛද්‍යවරියක වූ මේ මවගේ චරිතය සමග ආලින්දයට පැමිණෙන නිල්මිණී ඒ චරිතයෙන් ඔබ්බට ගොස් දක්වන අදහස් අද දැන ගනිමු. 

මහමෙවුනාව භාවනා අසපුවේ හිමියන්ට විරුද්ධව කැලෑ පත්තර

මහමවුනා භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් සංවිධානාත්මක පිරිසක් විසින් එහිමියන්ට විරුද්ධව ලියන ලද ග‍්‍රන්ථ, පුවත්පත් හා පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර අතැයි අදාල නිවේදනයේ දැක්වේ.මේ සඳහා ගිහිපැවිදි දෙපාර්ශවයම එක්වී ඇතැයි ද කියා සිටී.කිසියම් පිරිසක් විසින් මහමෙවුනාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියකත්කර ඇතැයි කියා සිටී.එබැවින් එවැනි දුර්ජනයන්ගේ කි‍්‍රයා කලාපයන්ට හසුනොවන ලෙසත්, යම් ගැටලු කාරී තත්ත්වයක් ඇතොත් මහමෙවුනා අසපු භාරකාරීන් හමුවීපිළිබඳව සාකච්ඡාකරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

 
 එම නිවේදනය බලන්න පහතින්