Ads 468x60px

.

ඇමෙරිකාව ඩොලර් බිලියන ගණනක් වැය කරමින් හදිසියේම ඇස්ටරොයිඩ දඩයමට සැරසෙන්නේ ඇයි

මීයක් කඩන්නේ 
අත ලෙවකන්නටද...?

භීෂණයේ රජු අහසින් පැමිණෙනු ඇතැයි ශත වර්ෂ අනාවැකිකරු වූ නොත්‍රද්‍රමුස් කී දවසේ සිටම මිනිසාගේ ඇස යොමු වූ සූර්ය ග්‍රහ පවුලට අයත් අරුම පුදුම සාමාජික පිරිසක් වූ ඇස්ටරොයිඩ් හෙවත් ග්‍රහක දෙසටය. 

අඟහරු හා බ්‍රහස්පති අතර ඉතිර පැතිර ඇති ලක්ෂ සංඛ්‍යාත ගල් පර්වත සහ ධූලි කැට වලාවන් සමූහය පිළිබඳ අධ්‍යයනයක් ඇරඹුණේ එහෙයිනි. මීටර් කිහිපයක සිට සැතපුම් දහස් ගණන් වූ මහා ගල් පර්වත දක්වාවු ග්‍රහක වළල්ල තුළ පිස්සු වැටුණාක් මෙන් හැල්මේ ගමන් ගනියි. එසේම මේ ගමනේදී එයින් කිහිපයක් තම ගමන් මාර්ගයෙන් පිටතට පැන පෘථිවිය ආසන්නයටම පැමිණෙයි. 

මෙලෙස එන ග්‍රහක පෘථිවියේ ගැටී මහා විනාශයක් සිදුකළ අවස්ථාද වාර්තා වී තිබේ. එහෙයින්ම ග්‍රාහක හෙවත් ඇස්ටරොයිඩ් යනු නිබඳවම මිනිස් සිත භීතියෙන් තැතිගැන්වූ විශ්ව වස්තු සමූහයකි.

ඇමෙරිකාවේ නාසා ආයතනය දැන් සැරසී සිටින්නේ මෙකී ඇස්ටරොයිඩයක් මදු ගසා ඇල්ලීමේ ප්‍රයත්නයකටය. 2025 වන විට ක්‍රියාත්මක කරන්නට සැරසෙන මෙකී වැඩපිළිවෙළ සඳහා මූලික කටයුතු දැන් සැකසී හමාරය. ඒ පිළිබඳ තොරතුරු පසුගිය බ්‍රහස්පතින්දා වන විට ලෝක මාධ්‍ය වෙත ලබා දී තිබුණි.

මිඩ් වයිෆ්ලාටත් හිරේ ලගින්නට සිදුවන කොන්ඩම් පුවතක් මෙන්න...

කොන්ඩම් බෙදා හැරීමත් 
ගණිකා වෘත්තියේ යේදීමක්ලු...

රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකාවක උපත් පාලන කොපු බෙදමින් සිටියදී ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැකපිට ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇයට ඇපදීම සම්බන්ධයෙන් පොලිසිය විරෝධතා මතුකිරීම හේතුවෙන් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත්
ඇය රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණු බවයි.

නීතිය හා සාමය ඇති කිරීමට පිහි‍ටුවා ඇති අලුත් අමත්‍යාංශයේ සේවකයන් වන පොලිස් රාළහාමිලාට රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති ලොකුම බාධකය ගණිකාවන්ය, නැතිනම් මල් වත්තක මුහුදුවෙරළක චිත්‍රපට ශාලවක හෝ රෙස්ට් හවුසියක සිටින පෙම්වතුන්ය. 

උදය ශ්‍රී මුහුදේ ගිලෙන්න ගොස් අනූ නමයෙන් බේරුණු කතාව...

අපි දෙන්නම මහ 
හයියෙන් කෑ ගැහුවා...

දැනුන හැඟීම් නම් 
අහන්න එපා..

යෞවනයේ ජනාදරණීය ගායක උදය ශ්‍රීට පසුගියදාක අපි කතා කළා. හැම දාමත් අපි ඔහුට කතා කරන්නේ උදයගේ සංගීත ජීවිතයේ කුමක් හෝ අලුත් ආරංචියක් දැන ගන්න. 

අදත් අපි ඔහුට කතා කළේ අලුත් ආරාංචියක් ගැන දැනගන්න තමයි. හැබැයි මේක සංගීත ජීවිතයේ තොරතුරක් නෙමෙයි. පසුගියදාක උදය මාරක අනතුරකට මුහුණ දීලා තියෙන බව අපට ආරංචි වූ හින්දයි අපි කතා කළේ. සිදුවීම උදය අපට පැහැදිලි කළා.

විස්තර පහතින්