ආර්.එල්. ස්පිට්ල් සාහිත්‍ය ධරයාණන් ගේ ‘සුදු ගෝනා‘ සහ ‘සුදු වැද්දා‘ ඔබ කියෙව්වාද? එම කෘතිද්වය තුළ ඇති අන්තර්ගතය මෙසේය.
පාසලෙන් පැනවිත් නාවිකයෙකු වන හෑන්ස්, ඇමස්ටර්ඩෑම් නුවරින් පිටවී පෙරදිගට සංචාරය කරන අතර නැව බිදී ලංකා වෙරළට සේන්දු වේ. එහිදී වන වදින හෑන්ස්, වැදි රැළකට හසුවී පසුව සුදු ගෝනෙකු නිසා කන්ද උඩරට රජුගේ සිරකරුවෙකු බවට පත්ව රජුගේ කපිතාන්වරු දෙදෙනා සමග කුළුපග වන්නේය.
එයින් එක් කපිතාන්වරයෙකු ඕලන්ද ජාතිකයෙකුවන අතර, අනෙකා පෘතුගීසි ජාතිකයෙකි. රාජ උදහසට ලක්ව තිබුණද අවසානයේ මරණයෙන් ගැලවෙන හෑන්ස්, කපිතාන්වරු දෙදෙනාද සමග වන වදී. ඔව්නට උදව් කළා යැයි රජු ගේ ලේලියවන නාලිනී ද වැදි රැහැට පන්නා දැමේ. පසුව ඇගේ පෙම්වතාවන නීලද රජ මැදුරෙන් පැන යයි.
සියල්ලෝ හෑන්ස් ගේ රැකවරණය යටතේ මහ වනයේ දිවි ගෙවති. පසුව ඔව්න්ගේ ඉල්ලීම මත හෑන්ස්, ඔව්න් මහ වනයෙන් පහත රට ගම්මානයකට ඇරලවයි. ඒ ගම්මානය ආරම්භ වන්නේ දෙව්මැදුරකිනි.
දෙව්මැදුරේ වැඩ සිටින්නේ ඩේමියන් පියතුමාය. ඩේමියන් පියතුමා යනු පෘතුගීසීන් හා ලන්දේසීන් අතර පැවති අවසන් කොළඹ මහ සටනේ පෘතුගීසි ජාතිකයෙකු වූ ගැස්පා සමග උරෙනුර ගැටෙමින් සටන් කළ විරුවෙකි. ස්පිට්ල් සූරීන් ගේ ‘සුදු වැද්දා‘ නවකතාව නිමවන්නේ එතැනිනි.
මේ ක්‍රිස්තු වර්ෂ එක්දහස් හයසිය ගණන්වල සිදුවීමකි.
එයින් පසු සිදුවන්නේ කුමක්ද? ලන්දේසි යුගයට අයත් පැරණි ග්‍රන්ථ රාශියක් පරිශීලනය කොට ජයන්ත කුමාරසිරි විසින් ‘සුදු කළුවර‘ ලියා ඇත. මේ වූ කලි ඓතිහාසික නවකතාවකි.
Subscribe to:
Posts (Atom)