Ads 468x60px

.

මත ගැටුමක් දුරදිග යාම නිසා ස්වර්ණවාහිනී පියුමි ලියසෙවනෙන් හැලෙයිද?


ස්වර්ණවාහිනී නාලිකාවේ ලියසෙවන වැඩසටහන ඉදිරිපත්කරන පියුමි ලීනියගල වෙනුවට වෙනත් නිවේදිකාවක් යොදාගැනීමට යන බව වාර්තා වේඑම නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂ බුද්ධික කුලසේකර හා ඇතිකරගත් මත ගැටුමක් දුරදිග යාම මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇතැයි එම නාලිකා අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේමේ අතර ඇය පසුගිය කාලයේදි හාදකමක් පැවැත්වූ බව කියන වැඩසටහන් අධ්‍යක්‍ෂවයෙකුට අසභ්‍ය වචනයෙන් බැණවැදීම ද පියුමි වෙනුවට වෙනත් නිවේදිකවක් ගැනීමට තවත් හේතුවක් වී ඇති බව ද පැවසේ.

සඟරාවක මුල් පිටුව සැරසීමට සොනක්ෂි ලංකාවට

බොලිවුඩ් සිනමාවේ නැගි එන නිලියක් වන සොනාක්ෂි සිංහ අද උදෑසන ලංකාවට පැමිණියාය.ඒ සීගීරියේදි CNN රූපවාහිනිය විසින් සිදුකරන පටිගත කිරීමකට සහ ඉන්දියානු සඟරාවක මුල් පිටුව සැරසීමට අදාළ ජායාරුප ගැනීම සඳහාය.

‘දුමින්දගේ’ පවුලටම හමුදා ආරක්‍ෂාව

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව, ‘දුමින්ද’ මන්තී‍්‍රවරයාගේ පවුලේ සියලූ දෙනාටම හමුදා ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර තිබේ.ඒ අනුව, ‘දුමින්දගේ’ සොයුරු, ABC මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි රේනෝද සිල්වාට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලබා දී ඇති අතර ඔහුගේ මවට, පියාට හා නැගණියටද විශේෂ හමුදා ආරක්‍ෂාවක් ලබා දී ඇත.

‘දුමින්දට විරුද්දව සාක්‍ෂි නෑලූ’ – ලක්ෂ්මන් හුළුගල්ලේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට සැකකාරයෙකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ලක්ෂ්මන් හුලූගල්ලේ මහතා පවසයි. බීබීසී සන්දේශය සිංහල වැඩසටහනට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

වෛද්‍යවරයකුගේ අනුදැනුම නැතිව බෙහෙත් ගන්නේ බලාගෙනයි

දින කිහිපයක් තුළදී පෙනුමෙන් වසර 50කින් පමණ වයස්ගත වූ කාන්තාවක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තා වේ.23 වියේ රූමත් යුවතියක්සිටි වෙන්-ටී-ෆුන් නම් ඇය එක් දිනකදී ආහාර අසාත්මිතවයකින් පෙළී ඇති අතර, නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීමට ආර්ථික ශක්තියක් නොපැවති හෙයින් ඇගේ සැමියා විසින් එක්තරා බෙහෙත් ශාලාවකින් ඇයට ඖෂධ ගෙනවිත් දී තිබේ.

දුමින්දගේ මොලයට ලොකු හානියක් නැලු

දුමින්දගේ හිසට වැදුණු වෙඩි පහරවල් නිසා බරපතල හානියක් මොලයට සිදුව නැතැයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. මේ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ලවී ඇති අතර එක වෙඩි පහරක් නළලින් ඇතුල් වී ඔලුව පිටුපසින් ඉවත්වී ගොස් ඇත.

අනෙක්පසින් ඇතුළුවූ උණ්ඩයේ කැබලි තවමත් සුෂුම්නාව සම්බන්ධවන ස්ථානය ආසන්නයේ ඉතිරිව ඇත.මෙම කරුණ නිසා අනාගතයේ මන්ත්‍රීවරයාට බරපතල හිසේ රුදාවක් ඇතිවියහැකි බව වෛද්‍යවරු මත පළකරනවා.